mediahumanrights.lk
News Political

විශාල බලයක් දුන්නත් ආණ්ඩුව අසමත් – කරු ජයසුරිය

ජනතාව විසින් ආණ්ඩුව අති විශාල බලතල රාශියක් ලබාදී තිබිය දීත් ජනතාවගේ මුලික අවශ්‍යතා සැපයීමට අසමත්වී ඇතැයි ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ’ සභාපති, කරු ජයසුරිය පවසයි.

”අප්‍රිකාවේ අත්තනෝමතික පාලනයන් සහිත රටවල් කිහිපයක හැර මේ තරම් සාතිශය බලසම්පන්න ජනාධිපති පදවියක් අපි ලෝකයේ දැකලා නැහැ. මෙතරම් බලතල තිබියදීත් ජනතාවගේ අවශ්‍යතා සැපයීමට රජය සමත් වී තිබෙනවාද?”  හිටපු කතානායක කරු ජයසුරිය විමසා සිටියේ, කොළඹ ජානකී හෝටලයේ අද (03) පැවති පුවත්පත් සාකච්ජාවක දිය.

කොරෝනා මර්දනය උදෙසා කටයුතු කරන ප්‍රමුඛ රාජ්‍ය නිළධාරියෙකුට අනුව අද සමස්ත ලංකාවම අවදානම් කලාපයක් බවට පත්ව තිබෙන බව එහිදී පැවසු කරු ජයසුරිය, අදවනවිට රටත් ජනතාවත් බලවත් සේ අසරණ වී ඇතැයි කියා සිටියේය.

”කොරෝනා වෛරසය හේතුවෙන් අද මුළු සමාජයම දරුණු පීඩනයකට ලක්ව ඇත. විශේෂයෙන්ම කොළඹ හා බස්නාහිර පළාත තුල තත්වය දරුණු වෙමින් පවති. ” යයි ද ඔහු පැවසිය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

”කොවිඩ් මාරයාට ජාතියක් නැත. ආගමක් නැත. දේශපාලන නැඹුරුවීමක් නැත. එහෙයින් සෑම පුරවැසියෙක්ම ජීවත්වන්නේ බියෙනි. චකිතයෙනි.”

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය දින කිහිපය තුල මේ කරුණු දීර්ඝ අධ්‍යයනයට ලක්කලා.

අපේ මතය වන්නේ රටේ සියලු දෙනාට ආපසු හැරී බැලිය යුතු කාලය පැමිණ ඇති බවයි.

මුලදි ගත් තීරණ හරිද? අපි ඉක්මන් වුණාද?

අපි ජාතිය, ආගම, බෞද්ධ සිද්ධස්තාන පවා මෙරට ජනතාව මුලා කිරීම සඳහා යොදා ගත්තාද?.

ආණ්ඩුව, විපක්‍ෂය, සිවිල් සමාජය නිවැරදි තීන්දු තීරණ ගත්තාද?

අපි රැවටුණාද? රැවැට්ටුවාද?

හදවතට අත තබා මේ ප්‍රශ්ණ තමාගෙන්ම ඇසිම ඉතා වැදගත් බව අපගේ හැඟීමය.

 ජනාධිපති අසමත් ද?

Gotabaya Rajapaksha 2020”ජනතාවට සේවය කිරිම සඳහා විශේෂ බලතල අවශ්‍ය බවත්, ඒ සඳහා 2/3 ක බලයක් ලබාදෙන ලෙසත් රජය ඉල්ලීමක් කලා. ජනතාව එම ශක්තිය ලබාදුන්නා. ”

ජනතාවට සේවය කිරිම සඳහා විශේෂ බලතල අවශ්‍ය බවත්, ඒ සඳහා 2/3 ක බලයක් ලබාදෙන ලෙසත් රජය ඉල්ලීමක් කලා. ජනතාව එම ශක්තිය ලබාදුන්නා.

ඉන්පසු ලබාදුන් බලයටත් එහා ගිය බලයක් ඉල්ලා සිටියේ ජනතාවට සේවය කිරීමටයි. 20 වැනි සංශෝධනය හරහා එම බලයත් ලැබුණා.

අප්‍රිකාවේ අත්තනෝමතික පාලනයන් සහිත රටවල් කිහිපයක හැර මේ තරම් සාතිශය බලසම්පන්න ජනාධිපති පදවියක් අපි ලෝකයේ දැකලා නැහැ. මෙතරම් බලතල තිබියදීත් ජනතාවගේ අවශ්‍යතා සැපයීමට රජය සමත් වී තිබෙනවාද?

‘අද සහතික මිලට හාල් ලබාගත නොහැක. පොල්, සීනි, පරිප්පු, ලූණු, කහ ලබාගත නොහැක. එසේනම් රට කළඹා ලබාගත් මේ අසිමිත බලතලවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ”

අද සහතික මිලට හාල් ලබාගත නොහැක. පොල්, සීනි, පරිප්පු, ලූණු, කහ ලබාගත නොහැක. එසේනම් රට කළඹා ලබාගත් මේ අසිමිත බලතලවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද?

පුරවැසියන් වශයෙන් අපි මේ සඳහා හේතු සොයාගත යුතුයි.

ඉතිහාසයේ රජය විසින් ගැසට් කල පාලන මිල මේ ආකාරයට අමු අමුවේ උල්ලංඝනය කල අවස්ථා වාර්තා වී නැත.

මෙය භයානක ප්‍රවණතාවයක් මෙන්ම රජයටද දැඩි අපහාසයකි.

20 වැනි සංශෝධනය ගෙනඒම හේතුවෙන් මහා සංඝරත්නය තුළ මෙන්ම අනෙකුත් ආගමික නායකත්වය තුළද, සිවිල් සමාජය තුළද විශාල විරෝධයක් ඇත. එය දැන් වැඩිවෙමින් පවතී.

පාර්ලිමේන්තුව හරහා 20 වැනි සංශෝධනය ගෙනආ ක්‍රමවේදයට එරෙහිව දැඩි සමාජ මතයක් ඇතිවිය.

20 වැනි සංශෝධනය නිසා ශ්‍රී ලංකා සමාජය තුළ බෙදිමක් ඇතිවු බව බහුතර මතයයි. මුල සිටම අපි 20 වන සංශෝධනය ගෙනඒමට විරුද්ධ වූයේ මෙම ප්‍රවණතාවය දුටු නිසයි.‍

”අපි දකින ආකාරයට ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබෙනවා. රජයේත්, විපක්‍ෂෙයෙත්, පොදුවේ ජන සමාජයෙත් යුතුකම වනුයේ ජනතාව රැකගැනිමයි. ජීවත් කරවීමයි.”

-කරු ජයසුරිය 

කොවිඩ් එන්නත !

කොවිඩ් පාලනය කලහැකි අලුත් එන්නතක් ගැන කියවෙනවිට අපි විශාල බලාපොරොත්තු ඇතිව ඒ සඳහා බලා සිටිනවා.

රටවල් හා සමාගම් බොහෝ ගණනක් අත්හදාබැලීම් කරගෙන යන බවට වාර්තා වී තිබෙනවා.

ඒ කෙසේ නමුත් එම ඖෂධ නිෂ්පාදනය කරන ඇතැම් රටවල ජනතාවට පවා එම එන්නත ලබාදීම ආරම්භ කරන්නේ මෙම මස මැද භාගයේ සිටයි.

ඒ අතර නිෂ්පාදනය කරන මෙම එන්නත් අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාගැනීමේදී යම් අභියෝගයන්ද ජය ගතයුතු වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒ ගැන අවධානය යොමුකර තිබෙනවා.

එහෙත් මෙහිදී අප අවධානය යොමුකල යුතු ඉතා වැදගත් කරුණු ගණනාවක්ද තිබෙනවා.

එළඹෙන අප්‍රේල් මාසය වනවිට හෝ අපට එම එන්නත් ලබාගත හැකි තත්වයක් ලැබෙන්නේ නම් ඒවා රට පුරා ජනතාවට කඩිනමින් ලබාදිමට හැකි සංවිධාන ව්‍යුහයක් අප සකස් කර තිබෙනවාද? අවම වශයෙන් ඒ ගැන කල්පනා කර හෝ තිබෙනවාද?

එමෙන්ම ශ්‍රී ලංකාවට සුදුසු කොව්ඩ් 19 එන්නත් ලබාගත හැකි විශ්වාසදායකම මාර්ගය වන ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ අප මේ පිලිබදව සාකච්ජා කර අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවාද?

Budget Mahinda”කොව්ඩ් වසංගතය හමුවේ ලෝකයේ සෑම රටක්ම සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් වෙන්කරන විට ලංකාව අයවැයෙන් මුදල් අඩුකර තිබෙනවා. ”

කොව්ඩ් වසංගතය හමුවේ ලෝකයේ සෑම රටක්ම සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් වෙන්කරන විට ලංකාව අයවැයෙන් මුදල් අඩුකර තිබෙනවා.

තවමත් විසදුමක් දක්නට නැති වසංගත තත්වයකට මුහුණ දී ඇති රටක් ලෙස ශ්‍රි ලංකාව රජයේ සෞඛ්‍ය සේවාව කෙරෙහි මේ ආකාරයට අඩු අවධානයක් යොමු කිරීම අතිශයින්ම කණගාටුදායක තත්වයකි.

මෙම වසංගත තත්වයක් පිළිබද කිසිදු අනතුරක් නොදුටු 2019 වර්ෂය සදහා අප රටේ සෞඛ්‍ය සේවාවට අරමුදල් වෙන්කරන අවස්ථාවේදී අප මේ රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රයට රුපියල් බිලියන 178ක් වෙන්කලා. නමුත් මෙවර අයවැය මඟින් ඉදිරි වසර සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 159.57ක් පමණයි.

ඒ කියන්නේ 2019 ට සාපේක්ෂව ඉදිරි වසර සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කරන ලද මුදල රුපියල් බිලියන 20 කින් පමණ කපා හැරලා තිබෙනවා.

”2019 ට සාපේක්ෂව ඉදිරි වසර සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කරන ලද මුදල රුපියල් බිලියන 20 කින් පමණ කපා හැරලා තිබෙනවා.”

අපගේ සිහිනය ජනතාවගේ ජීවිත රැකදීමයි. ඒ සඳහා අප කැපවීම් කලයුතුයි.

අපේ ජනතාවට කාපට් පාරවල් නොමැතිව, සුඛෝපභෝගී යානවාහන ගොඩනැගිලි නොමැතිව ජිවත් වියහැකියි.

එහෙත් කොතරම් කැපවීමක් කර හෝ ජීවත්වීම සඳහා ජනතාවගේ සෞඛ්‍ය තත්වය යහපත්ව තිබිය යුතුයි.

ජීවිත රැක දිය යුතුය.

ඒ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි රජය මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුබව අපගේ විශ්වාසයයි. රජය ඒ පිලිබදව ප්‍රමුඛ අවධානයක් යොමු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

Mahara Muder 2020”වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම මඟින් කිසිදු ගැටලුවකට විසදුම් සොයාගත නොහැකියි.”

මේ සියල්ල අතර කොරෝනා වසංගතය හේතුවෙන් බලවත් පීඩාවකට ලක්ව ඇති මේ රටේ ජනජීවිතය තුලින් මතුවන විවිධාකාර වු අසහනකාරී තත්වයන් වර්ධනය නොකිරීමටද රජය වගබලා ගත යුතුයි.

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් පිලිබද අවසන් කටයුතු කිරීමේදී සිදුවන වියදම දැරීමට නොහැකි පුද්ගලයන් පිලිබද රජය සානුකම්පිතව සලකා බලා කටයුතු කල යුතුව තිබෙනවා.

එමෙන්ම රෝග ව්‍යාප්තිය හේතුවෙන් අසහනයට හා බියට පත් ජන කොටස් හා සමාජ කණ්ඩායම් කෙරෙහිද රජය වඩා සානුකම්පිතව හා යාථාර්තවාදීව අවධානය යොමු කර යුතුව තිබෙනවා.

පසුගිය දා රාගම බන්ධනාගාරය තුළ සිදුවූ ඛේදජනක සිද්ධිය එයට එක් උදාහරණයක්.

අද වනවිට බන්ධනාගාර තුල කොරෝනා රෝගය වේගයෙන් පැතිර යන බවක් අසන්නට ලැබෙනවා.

ඒ අනුව බන්ධනාගාර තුළ අද පවත්නා අධික තදබදය අඩුකරලීම සදහා යොදාගත හැකි ප්‍රායෝගික විසදුම් පිලිබදව මෙන්ම රැදවියන්ගේ සුභසාධනය පිලිබදවද අප වඩා වැඩි අවධානයක් යොමුකල යුතුව තිබෙනවා.

ඒ වෙනුවට වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම මඟින් කිසිදු ගැටලුවකට විසදුම් සොයාගත නොහැකියි.

පසුගිය දා රාගම බන්ධනාගාරයේදී සිදුවූ අවාසනාවන්ත තත්වයේදී තුවාල ලබා රෝහල් ගතව සිටින සිරකරුවන් බොහෝ දෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වුවන් බව අද වනවිට හෙලිවී තිබෙනවා.

එයින් පෙනෙන්නේ කුමක්ද? කොවිඩ් ආසදිතයන්ට වෙඩි තබා විසදුම් සෙවූ වෙනත් රටක් පිලිබදව ඔබ අසා තිබෙනවාද?

එක් රටක්, එක් නීතියක් !!!

අනෙක් අතට රටේ පොදු සමාජය තුලින් මතුවන කම්පනයන් කෙරෙහිද අප මීට වඩා වැඩි අවධානයක් යොමුකල යුතුයි.

ජනතාව බලාපොරොත්තු වු ස්වාධීන කොමිෂන් සභා සඳහා උග්‍ර දේශපාලන සගයින් පත්කිරීම තුල මහජන විශ්වාසය බිඳවැටෙමින් පවතිනවා.

එක් රටක්, එක් නීතියක් යනුවෙන් විශාල ප්‍රචාරයක් කලත් කුරුණෑගල බුවනෙකබාහු මණ්ඩපය විනාශ කිරිමට උපදෙස් දුන් දේශපාලඥයා තවමත් නිදැල්ලේය.

ඔහුගේ මයිලකටවත් අත තැබිමට ඉඩ නොදෙන බවට තර්ජනය කල දේශපාලකයා ඒ අභියෝගය කලේ රටේ නීතියටයි. එම තනි සිද්ධියෙන් පවා පැහැදිලව ප්‍රදර්ශණය කල දේ කුමක්ද? අද මේ රටේ නීතිය ජනතාව මෙන්ම අසරණ වී ඇතිබව නොවේද?

” අදවනවිට මේ රටේ ජනතාව නිහඩව මේ සියල්ල දෙස බලාසිටින බව සැබෑවකි. නමුත් ඒ නිහඩත්වය නිවටකමක් විදියට, වැරදි ලෙස තේරුම් නොගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. මේ සිද්ධින් ජනතාවගේ බුද්ධියට කරන නිගාවක්.”
-කරු ජයසුරිය  

රටට ආදරය කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ කරුණු සඳහන් කරන්නේ සත්භාවයෙනි. නමුත් දැඩි වේදනාවකිනි.

අදවනවිට මේ රටේ ජනතාව නිහඩව මේ සියල්ල දෙස බලාසිටින බව සැබෑවකි.

නමුත් ඒ නිහඩත්වය නිවටකමක් විදියට, වැරදි ලෙස තේරුම් නොගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. මේ සිද්ධින් ජනතාවගේ බුද්ධියට කරන නිගාවක්.

අප සඳහන් කල කරුණු රජයේ අවධානයට යොමු කොට රට වෙනුවෙන් අවශ්‍ය පියවර ගනු ඇතැයි අප විශ්වාස කරනවා.

ජනතාව අවධියෙන් සිටින බවත් අප සිහි තබාගත යුතුයි.”
TheLeader.lk

Related posts

සිපෙට්කෝ ඉන්ධන නොදේ.. CEB, IOC වෙතින් ඉන්ධන ගනී…

Shiran Viraj

පේන්න කළ සැත්කම් නිසා නොපෙනී ගිය රෝගින් රෝහලට එරෙහි වෙයි

Shiran Viraj

ඥාතින් භාර නොගත් කොවිඩ් ආසාදිත මළ සිරුරූ රජයේ වියදමින් ආදාහනය කරයි

Shiran Viraj