mediahumanrights.lk
Local News News

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කිසිදු විදෙස් ශ්‍රමිකයෙකු සේවයේ යෙදවූයේ නැහැ!- බ්‍රැන්ඩික්ස් පාලන අධිකාරිය

මේ වන විට සමාජ මාධ්‍යය හරහා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් පැමිණි ශ්‍රමිකයන් පිරිසක් සේවයේ යෙදී ඇති බවට පලවන වාර්තා සම්බණ්ධයෙන් එම ආයතනය මාධ්‍යය නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍යය නිවේදනය මගින් බ්‍රැන්ඩික්ස් ආයාතනය ඉන්දියානු ශ්‍රමිකයන් නිරෝධායනයට ලක් නොවී ආයතනය තුළ රැකියාව කළේය යන චෝදනාව ප්‍රතික්ෂේප කරනවා මෙන්ම ආයතනය ඉදිරියට පැමිණ එක්තරා කාන්තාවක් දෝෂාරෝපනය කිරීම සම්බන්ධයෙන්ද කරුණු පැහැදිළි කිරීමක් කරණු ලැබේ. සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්.

 මාධ්‍යය නිවේදනය

අපගේ සමාගමට අයත් මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ COVID-19 වෛරසය ආසාදන තත්ත්වයක් නිසා ඇති වී තිබෙන ආපදා තත්ත්වය පාලනය කිරීමේ අභියෝගයට අපි මුහුණදෙමින් සිටිමු. මෙම ක්‍රියාවලිය පුරා, විනිවිදභාවය උපරිම අයුරින් ආරක්ෂා කිරීම සඳහා මහජනතාවට ඇතිවන ඕනෑම ගැටලුවක් පැහැදිලි කිරීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරමු.

අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ විදෙස් ජාතිකයන් සේවය කළ බවට යම් ගැටලුවක් මතුවී ඇති අතර ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. මෙම කාලය තුළ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිදු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළත් නොවූ බව දන්වා සිටිමු. අපගේ කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් ගෙන්වන ලද රෙදිපිළි භාවිත නොකළ බවත්, අපගේ ඉන්දියාවේ පිහිටි කර්මාන්තශාලාවෙන් කිසිදු ඇනවුමක් භාරනොගත් බවත් පැහැදිලි කරමු.

විශේෂ ගුවන්යානා යොදවා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට කාර්යමණ්ඩල සාමාජිකයන් ගෙන්වා ගැනීම පිළිබඳ ද මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. ඉන්දියාවේ විශාකාපට්නම්හි පිහිටි අපගේ කාර්මාන්තශාලාවේ සේවය කළ කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අප විසින් විශේෂ ගුවන්යානා තුනක් යොමු කරන ලදි. COVID-19 වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා, PCR පරීක්ෂණ සිදුකිරීම, අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් නිරෝධායනයට ලක්වීම, එතැන් සිට තවත් දින 14 ක් ස්වයං-නිරෝධායනයට ලක්වීම ඇතුළු ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරන ලද සියලු පියවර එම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනුගමනය කළ බව අපි සහතික වන්නෙමු. තවද, මෙම ශ්‍රී ලාංකිකයන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිසිවෙකු මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළු නොවූ බව ද සහතික වන්නෙමු.

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවෙන් වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාවක හමුවීමෙන් අනතුරුව, අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන්ට රැකියාවට වාර්තා කරන ලෙස අප බලකර සිටි බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් සංසරණය විය. එම වීඩියෝවේ කැපීපෙනෙන කාන්තාව නේවාසිකාගාරයක් පවත්වාගෙන යන තැනැත්තියකවන අතර, ඇගේ නේවාසිකාගාරයේ නවාතැන්ගෙන ඇතැයි එහි සඳහන් කරන සේවිකාවන් සහ අධීක්ෂණ නිලධාරිනිය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව විසින් කොන්ත්‍රාත් පදනම මත ලබාගත් තුන්වන පාර්ශ්වයේ පිරිසිදු කිරීමේ සේවා සම්පාදක ආයතනයකට අනුබද්ධිත සේවිකාවන් තිදෙනෙකි. එම වීඩියෝවේ සඳහන්වන කිසිවෙකු බ්‍රැන්ඩික්ස් සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයන් නොවන බව මෙයින් තහවුරු කරමු.

අපගේ රට මෙම ආපදා තත්ත්වයෙන් නැගී සිටීම සඳහා සාමූහික ප්‍රයත්නයක නිරතවන මෙවන් මොහොතක, වෛරසයෙන් ප්‍රජාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට දායකත්වය ලබාදෙන අතරම අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් සුබසෙත තහවුරු කිරීමට අපි අඛණ්ඩව කැපවෙමු.

2020.10.07

lanka lead news

Related posts

රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

Shiran Viraj

චීනයේ භූකම්පනයක්-13ක් මරුට-175කට තුවාල

Shiran Viraj

පුච්චනවද? වළලනවද? ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය නිවැරදිව කියන්න. ඥානසාර හිමි ඉල්ලයි

Shiran Viraj