mediahumanrights.lk
Local News News

කැළණි ගං ජලය අවදානමට හෙලූ කර්මාන්තශාලා වලට එරෙහිව පියවර

කැළණි ගඟ දෙපස පිහිටා ඇති පරිසර වාර්තා ලබානොගත් කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් දෙසතියක් ඇතුළත වාර්තාවක් සකස් කර ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී  එම අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මේ බව කියාසිටියා.

පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්තශාලා 4,000 ක් පමණ කැළණි ගඟ දෙපස පවතින බව පරිසර අමාත්‍යාංශයේ ඉකුත්දා පැවති සාකච්ඡාවකදී පරිසරවේදීන් අනාවරණ කළා.

එවැනි කර්මාන්තශාලා හඳුනා ගෙන වාර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේ ඒ අනුවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කවුරු වුණත් කමක් නෑ.. මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

Shiran Viraj

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

Shiran Viraj

තුන් මාසයෙන් රට සුරක්‍ෂිතයි.. ඉහලම වැඩ්ඩන් පිරිසක් බුද්ධි අංශයට.. ජනපති සෘජු අධීක්‍ෂණයේ..

Shiran Viraj