mediahumanrights.lk
Local News News

19 නිවැරදි කිරීම පමණක් නොව 13 -16 සංශෝධනවල භයානක ප‍්‍රතිපාදන ද අහෝසි කළ යුතුයි

නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී 19 වැනි සංශෝධනය පමණක් නිවැරැදි කිරීම ප‍්‍රමාණවත් නොවන බවත්, 13 සහ 16 වැනි සංශෝධනවල ඇති භයානක ප‍්‍රතිපාදනත් වහා අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවත් බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

නොබෝ දිනකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අදහසක් ද ඇති බව වාර්තා වේ. දැනට අවුරුදු 03 ක් පුරා පළාත් සභා නොමැතිව රාජ්‍ය පාලනය සිදු විය. පළාත් සභා පවත්වාගෙන යෑම ශී‍්‍ර ලංකාවට දැරිය නොහැකි වියදමක් පමණක් නොව රාජ්‍යයේ පැවැත්මටද බලවත් තර්ජනයකි. පළාත් සභා ව්‍යුහයක් පවත්වාගෙන ගියද එය වහා ප‍්‍රතිව්‍යුුහගත විය යුතුය. උතුර පළාත භාර මහ ඇමැති පාලනය කරන පළාත් පොලිසියක් පිහිටුවීමට 13 වැනි සංශෝධනයේ 09 වැනි උප ලේඛනයේ 01 වැනි පරිශිෂ්ඨයෙන් විධිවිධාන සලසා ඇත. එහිම 02 වැනි පරිශිෂ්ඨයට අනුව පළාතක් තුළ පිහිටි ඉඩම් කැබැල්ලක් පුරවැසියකුට හෝ පූජනීය ස්ථානයකට ලබාදීමට පළාත් සභාවේ එකඟතාව ලබාගත යුතුව ඇත. ඓතිහාසික හා පුරාවිiාත්මක ස්මාරක හා වාර්තා පිළිබඳ විෂයය ද පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් වී ඇත. 16 වැනි සංශෝධනය මගින් උතුර – නැගෙනහිර දෙපළාත්වල පරිපාලන භාෂාව ලෙස සිංහල භාෂාව නොපිළිගැනේ. උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය විධි විධානද 13 වැනි සංශෝධනයෙන් හඳුන්වා දී ඇත.

පළාත් සභාවකට නීතිය හා සාමයට අදාළ පළාත් සභා ලැයිස්තුවේ විෂයයන් සම්බන්ධයෙන් නීති පැනවීමට හැකි අතර පාර්ලිමේන්තුව දැනට පනවා ඇති නීති අභිබවා මෙම පළාත් සභා නීති කි‍්‍රයාත්මක වනු ඇත.

පසුගිය දින පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී හිටපු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් හා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මන්තී‍්‍රවරුන් දෙපළ කළ ජාතිවාදී ප‍්‍රකාශවලින් පැහැදිලි වන්නේ, නුදුරු අනාගතයේදී ශී‍්‍ර ලංකාවේ ඒකීය පැවැත්මට බලවත් තර්ජනයක් අත්‍යාසන්න බවයි. මෙම තත්ත්වය යටතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම දුරු කරගත හැකි අනතුරක් යළි කැඳවා ගැනීමකි.

මේ නිසා සියල්ල නිවැරැදි කරන අලූත් ව්‍යවස්ථාවක් වහා ගෙන ආ යුතුව ඇත. ඊට අදාළ කාර්යයන් පසුවට කල්තබා ඊට පළමුව 19 වැනි සංශෝධනය පමණක් නිවැරැුදි කිරීම ප‍්‍රමාණවත් නොවන අතර අනෙකුත් සංශෝධන ද කඩිනමින් කළ යුතුය. එසේ නොකළහොත් එය රජයට ලැබී ඇති ජනවරමට එදිරි වීමකි. බහුතර ජනතාව තුනෙන් දෙකක විශිෂ්ට ජනවරමක් රජයට ලබාදී ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ජනතාවට හා ඒකීය භාවයට විරුද්ධව විවිධ විජාතික බලවේගවල මැදිහත් වීමෙන් ගෙන එනු ලැබ ඇති භයානක විධිවිධාන වහා නිවැරැුදි කිරීමටය. එය සිදු නොකොට පසුවට කල් දැමීම ජනතාවට කරන බලවත් අසාධාරණයකි. එබැවින් 19 වැනි සංශෝධනය පළමුව සිදු කොට, ඊටත් වඩා වැදගත් සංශෝධනයක් පසුව සිදු කිරීම පිළිබඳව ඉදිරිපත් කර ඇති අදහස් රජය කි‍්‍රයාත්මක නොකළ යුතු බව අපගේ අදහසයි.

ව්‍යවස්ථාවට බලහත්කාරයෙන් ඇතුළත් කර ඇති මෙම විධි විධාන අවලංගු කිරීමට වහා පියවර ගත යුතුය. එම නිවැරැදි කිරීම් සිදු නොකොට පළාත් සභා මැතිවරණය පවත්වනු ලැබුවහොත් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමේ කි‍්‍රයාවලිය නිසැකවම ව්‍යර්ථ වනු ඇත. මෙම පළාත් සභා ක‍්‍රමය හරහා ශී‍්‍ර ලංකාව පුරා අමාත්‍ය මණ්ඩල 10 ක් කි‍්‍රයාත්මක වීමත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා වරප‍්‍රසාද සැලසීමත් පළාත් සභා ඡන්දයක් සඳහා අති විශාල මුදලක් වියදම් කිරීමත් නිසා සිදුවන ආර්ථික අවපාතය සැබැවින්ම අපට දැරිය නොහැකි වනු ඇත.

ශ‍්‍රී ලංකාව තුළ දැනටත් හොඳින් කි‍්‍රයාත්මක වන පළාත් පාලන ආයතන හරහා බලය විමධ්‍යගත කිරීමෙන් ඉහත සඳහන් කළ ප‍්‍රශ්න හා ගැටලූ පහසුවෙන් විසඳාගත හැකිවනු ඇත. බහුතරයක් වූ මහජනතාව ශ‍්‍රී ලංකාවේ සංවර්ධනාත්මක අනාගතයක් පිළිබඳ මහත් බලාපොරොත්තු තබා ඇති අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා වෙත අප කරුණාවෙන් දන්වා සිටින්නේ නව ව්‍යවස්ථාවක් මගින් වියවුල්ව ගිය රාජ්‍ය ව්‍යුහය සුදුසු පරිදි ප‍්‍රතිව්‍යුහගත කරන තෙක් පළාත් සභා මැතිවරණ පවත්වා ඒවා පණ ගැන්වීමට කටයුතු නොකරන ලෙසත් 13 හා 16 වැනි සංශෝධනවල හඳුන්වා දී ඇති භයානක ප‍්‍රතිපාදන වහා අවලංගු කිරීමට නොපමාව අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය. ජනතාව රජයට ලබාදුන් විශිෂ්ට ජනවරම අර්ථවත් කළ හැක්කේ එලෙසින් බව අපි උදක්ම විශ්වාස කරමු.

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය වෙනුවෙන් ඉත්තෑපානේ ධම්මාලංකාර, දිවියාගහ යසස්සි (සභාපති), දොඩම්පහළ චන්දසිරි, මාතලේ ධම්මකුසල, බළංගොඩ සෝභිත, තිරිකුණාමලේ ආනන්ද (සම ලේකම්), අකුරටියේ නන්ද, කන්දෙගොඩ විමලධම්ම, මහාචාර්ය මැදගම නන්දවංස, මහාචාර්ය අගලකඩ සිරිසුමන (සම ලේකම්) යන මහානායක සහ අනුනායක ස්ථවිරයන් වහන්සේ සහ ජගත් සුමතිපාල, සුමේධ අමරසිංහ, කුසුම් බන්දු සමරවික‍්‍රම, එස්. පී. වීරසේකර යන අය ඇතු`ථ ගිහි පිරිසක් ඉහත සඳහන් නිවේදනයට අත්සන් තබා ඇත

Related posts

කුසල් මෙන්ඩිස් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. 25දී සංගාට-මහේලට වඩා ලකුණු ගහලා තියෙනවා.. බිංදු 03ක් ගැහුවට එලියට දාන්න බෑ…

Shiran Viraj

මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..

Shiran Viraj

අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Shiran Viraj