mediahumanrights.lk
Local News News

ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක්

ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවනවා.

ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම අඩු වුවද යළි රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

කොරෝනා මර්දනයට සමගාමිව පැවති ඇදිරි නීති කාලසීමාවේ ජනතාව තම ගෙවතු පවිත‍්‍රව තබාගැනීම හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම අඩුවීමට හේතුවක් ලෙස හදුනාගෙන තිබෙනවා.

පළාත් අතර සංචරණ සීමාවීමද තවත් සාධකයක්. මේ වනවිට යළි ජනතාව සුපුරුදු රාජකාරිවලට පැමිණීම හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තියේ වැඩි අවදානමක් මතුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා.

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප‍්‍රදේශ සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කෙරුණා. ඒ අනුව බහුල වශයෙන් බස්නාහිර පළාත හඳුනාගෙන ඇති බවයි සඳහන් කළේ. නමුත් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ඩෙංගු රෝගයේ අවධානම පවතින බවත් සඳහන් කළා.

ඩෙංගු රෝගය මෙන්ම මී උණ රෝග තත්ත්වයද ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එබැවින් කුඹුරු ආශි‍්‍රතව කටයුතු කරන ගොවීන් ඒ පිළිබද වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියාසිටියේ.

මේ අතර පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සදහා වහාම සූදානම් වන්නැයි ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප‍්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. වෙනත් ප‍්‍රදේශවල සිට මේ පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිණෙන බැවින් ඔවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ බස්නාහිර පළාතට ප‍්‍රමුඛතාවය දී ඩෙංගු මර්දනය කිරීමෙන් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

ඒ සඳහා පළාතේ සියලූ පළාත් පාලන ආයතන, සෞඛ්‍ය අංශ සහ පරිසර පොලීසිය සකී‍්‍රයව කි‍්‍රයාත්මක විය යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා. ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදිකිරීමේ වැඩබිම් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර පවිත‍්‍රතා කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කර තිබෙනවා. සෞඛ්‍ය  අංශ හා පළාත් පාලන ආයතන එක්ව ස්ථාන අධීක්ෂණය පරිසර පොලිස් ඒකකවලට පැවරීමටයි තීරණය කර ඇත්තේ. ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන ආකාරයෙන් කි‍්‍රයාකරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට ද උපදෙස් දී තිබෙනවා.

ඩෙංගු රෝගියෙකු වාර්තා වන ස්ථාන කඩිනමින් දූමායනය කර පවිත‍්‍ර  කළයුතු බවටද මෙහිදී අවධාරණය කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් තරග කිහිපයක් අදත්

Shiran Viraj

අයවැය අදයි..මුදල් අමාත්‍යංශයේ පෙර අදහස් දැක්වීම මෙන්න

Shiran Viraj

අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුර

Shiran Viraj