mediahumanrights.lk
Local News News

බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේ

විදේශ රැකියා සදහා පිටත් වන ශ‍්‍රමිකයින් විසින් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු සහ ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ, නව රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ සහ සේවා සදහා අය කරනු ලබන බදු සංශෝධනය කිරීම හේතුවෙන්.

ඒ අනුව රුපියල් 17,837 ක් ලෙස පැවති විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුව රුපියල් 16,416 ක් දක්වා අඩු කර තිබෙනවා.

රුපියල් 3,755 ක් ලෙස පැවති විදේශ රැුකියා ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තුව නව සංශෝධනය යටතේ රුපියල් 3,456 ක් දක්වා අඩු කර ඇති බවයි ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

පසුගිය පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නව ගාස්තු සංශෝධනය කි‍්‍රයාත්මකයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දරු එල ලබන්නට තරබාරුව මට්ටු කරමු

Shiran Viraj

බොරැල්ලේ සිට මරදාන දක්වා ගමන්ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

Shiran Viraj

ඉන්ධන නැතිවීමේ බරපතල අවදානමක්..- බලශක්ති ඇමති මාධ්‍ය අමතයි…

Shiran Viraj