mediahumanrights.lk
Local News News

පොලිස් අපරාධ කොට්ඨාසය පොලිසියෙන් වටලයි…

පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට අයත් කොළඹ, මිහිඳු මාවතේ පිහිටි ගොඩනැගිල්ලේ මත්ද්‍රව්‍ය සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය දැඩි සෝදිසියක් කර ඇත.

මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකා භට කණ්ඩායම් හා නිල සුනඛයන් යොදවා නිලධාරීන්ගේ ලොකරයන් හා අවි ගබඩා ඇතුළුව එම ගොඩනැගිල්ල මහල් හතරම දැඩි පරීක්ෂාවට ලක්කර තිබේ.

මෙහි සේවය කරන නිලධාරීන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් පසු අධිකරණයට ඉදිරිපත් කරන ප්‍රමාණයෙන් කොටසක් සඟවා තබා ඇතැයි කියන චෝදනාවක් මත වැටලීම කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියන්නේය.

මෙම වැටලීමේදී කිසිවක් හමුනොවී ඇති අතර අපරාධ මර්දනයට කටයුතු කළ මෙම ඒකකය හදිසියේ වැටලීම ගැන නිලධාරීන් දැඩි කලකිරීමට ලක්ව ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් යටතේ ඇති මෙම සංවිධානාත්මක අපරාධ ඒකකය හදිසි පරීක්ෂාවට ලක්කර ඇත්තේ ඔහුගේම හදිසි නියෝගයකින් බවද පොලිසිය කියයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වුවමනාවට නව රජය ගැන කලකිරීමක් ඇතිවනසේ මෙවැනි වැටලීම් සිදුකරන්නට ඇතැයි නිලධාරීන් අතර දැඩි කතාබහක් ඇතිවී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගැන තීරණය මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී

Shiran Viraj

පළමු වසරේ සිට 11 වසරට ගියත් විදුහල්පති සාමාන්‍ය පෙළ ලියන්න දෙන්න බෑ කියලා (PHOTOS)

Shiran Viraj

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

Shiran Viraj