mediahumanrights.lk
Entertainment Entertainment News News

රංග­න­යෙන් ඉවත් වෙන්න හිතුණු වාර අන­න්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩ­ව­සම් නළු අමිල අබේ­සේ­කර

අසා­ධා­ර­ණය මට පෙන්නන්න බෑ

වෙච්ච දේවල්  ගැන කිසිම  කණ­ස්ස­ල්ලක් නෑ

වර්ත­මා­නයේ  රංගන ශිල්පි­නි­යන්  තෝරා ගැනීමේ  ප්‍රමි­ති­යක් නැහැ

 ටෙලි නාට්‍ය­යක චරි­ත­ය­කින් අප හද­වත් ආක­ර්ෂ­ණය  කර ගත හැකි නම්, ඔහු දක්ෂ රංගන ශිල්පි­යෙ­කි. එයට රංග­නය කීවත්,  ඊටම නොදෙ­වෙනි කඩ­ව­ස­ම්කම, වසර 15ක් ව‍ෙග් දිගු කාල­යක් පුංචි තිරයේ  පෙම්වතා වීමත්, ඊටත් වඩා දක්ෂ­ක­මකි. ඔහු අමිල අබේ­සේ­ක­රයි

“සුසු­මක ඉම” ත් සමඟ නැව­තත් අමිල අබේ­සේ­කර ගැන කතා කරන්න පටන් අරන් නේද?

සියත නාළි­කාවේ ටෙලි­ නාට්‍ය දෙකක් විකා­ශය වුණා. “ස්වාධීන රූප­වා­හි­නියේ “සුසු­මක ඉම” ගැන හැමෝම කතා කර­නවා. අමිල අබේ­සේ­ක­රත්, ස්වාධීන රූප­වා­හිනි නාළි­කා­වත් අතර බැඳීමක් තියෙ­නවා කියලා මම විශ්වාස කර­නවා. හේතුව මේ තාක් ඉතා ඉහළ ජන­ප්‍රි­ය­ත්ව­යක් ගෙන දුන් ටෙලි නාට්‍ය විකා­ශය වූයේ ස්වාධීන රූප­වා­හි­නියේ. ඒ වගේම එම ටෙලි නාට්‍ය සිය­ල්ලක්ම පාහේ මගේ ජීවි­තයේ හැර­වුම් ලක්සයක් වුණා කිව්වොත් නිවැ­ර­දියි.

 ඔබ මුලින්ම කලා­වට අව­තීර්ණ වෙන්නේ කොහො­මද?

මුලින්ම රූප­වා­හිනි නිවේ­ද­ක­යකු ලෙස ස්වර්ණ­වා­හි­නි­යට සම්බන්ධ වුණා. එතැන තමයි කලාවේ ආර­ම්භය. ඊට පසු ටෙලි නාට්‍ය­වල සුළු චරි­ත­ව­ලට සම්බන්ධ වීමත්, 2004 වසරේ ඉඳලා මේ දක්වාම ප්‍රධාන චරිත සඳහා අව­ස්ථාව ලැබී­මත් මගේ ගම­නට ආශි­ර්වා­ද­යක් වුණා.

 එදා පටන් මේ දක්වාම පුංචි තිරයේ “සිහින කුමා­රයා” වීමේ රහස කුමක්ද?

සම­හ­ර­විට මට ලැබෙන චරි­ත­යට ඉතාම සාධා­ර­ණ­යක් කරන නිසා වෙන්න ඇති. 2004 සිට මේ දක්වාම පෙම්වතා වීමත් එක්තරා විදි­යක අභි­යෝ­ග­යක්. ඒ වගේම මෙතෙක් රඟපෑ සිය­ලු චරි­ත­ව­ලට ඉතා හොඳ ප්‍රති­චාර ලැබුණා. මම හිතන්නේ ඒකට වාස­නාව කියන දෙයත් බල­පා­නවා ඇති.

 පෙම්වතා වීමෙන් චරි­තාංග රංගන ශිල්පි­යෙ­කුගේ අව­ස්ථාව මඟහැරෙ­නවා කියලා හිතෙන්නේ නැද්ද?

මඟහැරී­මක් නැහැ. ඊට හොඳම උදා­හ­ර­ණය තමයි තුසිත ද සිල්වාගේ වෙනස් ආකාර‍යේ ටෙලි­ නාට්‍ය. එහි ම‍ගේ රංග­නය වූයේ මාළු වෙ‍ෙළ­ඳාම් කරන චරි­ත­යක්. එත­නදි, පෙම්ව­තා­ගෙන් මිදී උසස් රංග­න­යක් සිදු කරන්න අව­ස්ථාව ලැබුණා. පසු­ගිය වසරේ සුමති ටෙලි සම්මාන උලෙ­ළේදි මගේ නම හොඳම නළුවා සඳහා නිර්දේශ වුණා. ඉතින් ඒ දෙයම ඇති චරි­තාංග නළු­ව­කුගේ නි‍ර්දේශ­යට.

මේ දක්වාම වෙනස් චරි­ත­ව­ලට ආරා­ධනා ලැබිලා නැතිද?

ලැබිලා ති‍ෙබ­නවා. නමුත් මෙගා නාට්‍ය­ව­ලට කොටු­වී­ම නිසා, සම­හර අවස්ථා මඟහැරුණා.

 සින­මාව හා වේදි­කාව මඟ හැරීම ගැන කන­ස්ස­ල්ලක් තියෙ­න­වද?

සින­මා­පට දෙක­කට සම්බන්ධ වෙලා ති‍ෙබ­නවා. නාට්‍ය­ව­ලට නැඹු­රු­වීම නිසා සම­හර අව­ස්ථා­වල භාර ගත්තේ නැහැ. නමුත් ඒ පිළි­බ­ඳව කිසිම කණ­ස්ස­ල්ලක් නැහැ.

 පෙම්වතා වීමේත් තුළත් කිසි­යම් අභි­ යෝ­ග­යක් තියෙ­නවා. එය පුංචි තිරයේ අලුත් පෙම්ව­තුන්ට තර­ග­යක් නේද?

අවු­රුදු 15ක්ම පුංචි තිරයේ පෙම්වතා වීම ලොකු අභි­යෝ­ග­යක් තමයි. ඇත්ත­ටම මට කා සම­ඟ­වත් තර­ග­යක් නැහැ. සම­හර අව­ස්ථා­ව­ලදි මාව තර­ග­යක් වෙන­වද දන්නේ නැහැ. තිරයේ දුෂ්ටයා වෙන්න පුළු­වනි. නමුත් පෙම්වතා වීම තුළ විශේ­ෂ­යක් තියෙ­නවා. මම විශ්වාස කරන්නේ වාස­නාව කියන දෙයත් බල­පා­නවා කියලා.

 මේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි ගැන දැනිලා තියෙ­න­වද?

අන­න්ත­වත් තියෙ­නවා. ඒකට හේතුව තමයි මම කෙළින් කතා කිරීම. අමිල අබේ­සේ­කර කියන ප්‍රති­රූ­පය ගොඩ­නගා ගැනී­මට ‍‍ගොඩක් මහන්සි වුණා.

රන් බන්දේ­සි­ය­කින් ක්ෂේත්‍ර­යට පිවි­සුනේ නැහැ. කටුක අත්දැ­කීම් බොහෝ­මයි. නමුත් ඒ සිය­ල්ලම දරා­ගෙන මගේ ගමන අද­ටත් යනවා. යම්කිසි අසා­ධා­රණ දෙය­කදී මම කතා කරන්නේ එතැ­නින් එහාට ඒ අධ්‍ය­ක්ෂ­ව­රයා හෝ නිෂ්පා­ද­ක­ව­රයා ඉදිරි වැඩ­ව­ලට ගන්න­වාද? නැතිද කියන දේ හිතලා නෙමෙයි.

එක්තරා කාලෙ­කදි ඔබේ නම­ටත්ක ට­කතා හැදුනා. ඒත් ඒ සියල්ල බිඳ දම­මින් අමි­ලගේ ගමන නතර කළේ නැහැ. අද කෝ” ඒ අය?

එක්තරා සිද්ධි­ය­කදි මාව යොදා­ගෙන මට කට­කතා හැදුණා. නමුත් වැර­දි­ක­රු­වන් කවුද කියන දේ ඔප්පු වුණා. ඒ වගේ අති­ශ­යින් ම ජන­ප්‍රිය ටෙලි නාට්‍ය­ක­දිත් එවැ­නිම සිද්ධි­යක් වුණා. එත­නදි කලා ලෝකයේ කීප දෙනෙ­කුම එකතු වෙලා මාව නිර්මා­ණ­ව­ලට නොගැ­නී­මට කට­යුතු කළා. අධ්‍ය­ක්ෂ­ව­රුන්ට, රූප­වා­හිනි නාළි­කා­ව­ලට නිර්නා­මික ලිපි යවලා, මගේ ගමන වැළැ­ක්වී­මට උත්සාහ කළා. නමුත් නොසැලී මේ සියලු දේව­ලට මුහුණ දීමේ ශක්ති­යක් මට තිබුණා. ඒ අව­ස්ථාවේ චන්ද්‍ර­රත්න මාපි­ටි­ගම මහතා මට ඔහුගේ නිර්මා­ණ­ය­කට ආරා­ධනා කළා. අද­ටත් මට ඔහු කී දෙය මත­කයි. “අමිල ඔයා මට වැරැ­ද්දක් කළෙත් නැහැ, මම ඔයාට වැරැ­ද්දක් කළෙත් නැහැ. අපි වැඩ කරමු” ඔහුගේ නිහ­ත­මා­නි­ත්ව­යට අද­ටත් මම ගරු කර­නවා.

 විශේ­ෂ­යෙන් ම කාන්තා ආක­ර්ෂ­ණය අමි­ලට වැඩියි නේද? විවාහ වුණා කියලාදැන ගත්තත් රසි­කා­වන්ගේ ප්‍රති­චාර අඩු­වක් නැති පාටයි?

ඔව්. ඒක නම් ඇත්ත. සම­හ­ර­විට මට ලැබෙන චරිතවලින් ඔවුන්ගේ හද­ව­තට ළංවෙ­නවා ඇති.

 ඔබේ ආද­ර­ණීය බිරිය මේ සිය­ල්ලක්ම දරා­ගෙන ශක්ති­යක් වුණා නේද?

ඇත්ත­ටම එයා මට ලොකු ශක්ති­යක්. කිහිප අව­ස්ථා­ව­ක­දිම මම කලා­වෙන් ඈත් වෙන්න උත්සාහ ගත්තත්, ඇය මාව දිරි­මත් කළා. විදේ­ශ­යක පදිංචි වීමට ඕනෑ­ත­රම් අවස්ථා තියෙ­නවා. නමුත් කලා­ක­රු­ව­කුගේ වටි­නා­කම එයා දන්නවා.

 අමිල රංගන ශිල්පි­යෙකු නොවුණා නම් කවු­රුන් වෙයිද?

ක්‍රිකට් ක්‍රීඩ­ක­යකු වෙයි. අද­ටත් ක්‍රිකට් ටීම් එකේ ගොඩක් අය මගේ ළඟම හිත මිතු­රන්. මම ක්‍රික­ට්ව­ලට ගොඩක් කැමැ­තියි. ආද­රෙයි.

 බොහෝ දෙනෙ­කුගේ චෝද­නා­වක්ති යෙ­නවා රංගනයට නුසුදුසු රූපය පමණක් ඇති අය රංගන ශිල්පි­නි­යන්” කිරීම ලොකු හිස­ර­ද­යක් සහ කලාවේ ඉන්න සෑබෑ කලා­ක­රු­වන්ට කැළ­ලක් කියලා. මේ ගැන ඔබේ අද­හස?

එතන නම් විශාල ගැට­ලු­වක් තියෙ­නවා. එදා වගේ වර්ත­මා­නයේ ශිල්පි­නි­යන් තෝරා ගැනී‍මේදී ප්‍රමි­ති­යක් නැහැ. පෙනුම සහ අනි­කුත් ප්‍රති­ලාභ සඳහා අලුත් මුහුණු හඳුන්වා දුන්නත්, ඔබ කියන විදි­යට ඇය ගණිකා වෘත්තියේ නියැළී සිටින තැනැ­ත්ති­යක් නම් හෝ මුද­ලට යන කෙනෙක් නම් කලාවේ ජන­ප්‍රි­යම චරි­ත­යක් කිරීම තුළින් ඇ‍යගේ ඒ වෘත්ති­යට ලොකු උද­ව්වක්.

අධ්‍ය­ක්ෂ­ව­රුන් හෝ නිෂ්පා­ද­ක­ව­රුන් හෝ කවු­රුන් හෝ එවැනි කෙනෙක් දායක කර ගනිද්දි බුද්ධි­මත්ව සිතිය යුතුයි. කලාව කියන්නේ උතුම් ස්ථාන­යක්. එවැනි අය කරන දේවල් නිසා සිය­ලුම රංගන ශිල්පි­නි­යන් ඒ ගන­යට ගැනීම විශාල වර­දක් කියලා මම හිත­නවා
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

බැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවට

Shiran Viraj

මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායා

Shiran Viraj

හෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා..

Shiran Viraj