mediahumanrights.lk
Local News News

කළු කඩේ ගෑස් 4500යි

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

කලු කඩ මිලට ගෑස් අලෙවි කරද්දී පාරිභෝගික අධිකාරිය නිහඩයි. පාරිභෝගික අධිකාරියේ 1977 හා පොදු අංකය නිහඩ කල සමාගම කුමක්ද? මේ පිළිබදව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ නිහඩ ඇයි?

දිවයින පුරා මේවන විට උග්‍ර ගෑස් හිගයක් පවතන අතර සමහර කඩහිමියන් රැපියල් 4500 ක් වැනි මුදලකට පාරිභෝගිකයින්හට ගෑස් අලෙවි කරනු ලබයි. ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට පැමිණිලි කිරීමට ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියටයි. ඒ 1977 දුරකතන අංකයට. එහෙත් මීට දින තුනකට පෙර  අධිකාරියේ 1977 දුරකතන අංකයට මුදල් නොගෙවීම නිසා විසන්ධි කර ඇති බව හා පොදු දුරකතන අංකයට ඇමතීමට නිළධාරීන් අනුයුක්ත කර නොමැති බව අප සංවිධානය විසින් කරන ලද හෙළි දරව්වකදී පැහැදිලි විය. පාරිභෝගික කටයුතු අධිකාරියේ මානව සම්පත් අධ්‍යක්ෂක සම්පත් අංගුලුගම මහතා අප වෙත පැවසූවේ මේ මස 23 වන දින වන විට එම දුරකතන අංකය සදහා අදාල චෙක්පත සූදානම් කර ඇතත් 25/10/2019 දින උදේ වන විටත් එම චෙක්පත දුරකතන සමාගම වෙත යෑවීමට මුල්‍ය අධ්‍යක්ෂකවරයා කටයුතු කර නැති බවයි. වැඩි දුරටත් ඔහු පැවසූවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ හරිහැටි රාජකාරී කරනු ලබන්නේ මානව සම්පත් අංශය පමණක් බවත් 1977 දුරකතන අංකය භාරව කටයුතු කරනු ලබන නීති අංශයේ අධ්‍යක්ෂකවරිය සහ එහි ජේෂ්ඨ විමර්ශණ නිළධාරීයා හරිහැටි රාජකාරි නොකරන බවත්ය. අදලා දුරකතන අංකය සම්බන්ධයෙන් වගකිව යුත්තේ අදාල නිළධාරීන් බවය.

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන්ගේ කඔ ඇදිල්ල නිසා පීඩාවට පත්වන්නේ මෙරට පාරිභෝගික ජනතාවය.

අප සංවිධානය තවදුරටත් සොයා බලමින් සිටින්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අධ්‍යක්ෂක ජනරාල්වරයා හා වැටලීම් අධ්‍යක්ෂකවරයා, ඇතුලු නඩය කලු කඩ හිමියන්ට පාරිභෝගිකයින් ගසා කෑම සදහා 1977 දරණ දුරකතන අංකය හා පොදු දුරකතන අංකය  ගොලු කර ඇත්ද යන්න පිළිබදවයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගිකයන් ගසා කෑමට ව්‍යාපාරිකයින්ට ඉඩකඩ දෙනු ලබන මෙම අවස්ථාවේදී පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය භාර රාජ්‍ය ඇමතිවරයා වන බුද්ධික පතිරණ ඇමතිවරයා සිය රාජකාරි පසෙකලා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වන්දනාවේය. සජිත් ප්‍රේමදාස මහතා බලයට පැමිණියද ජනතාවට සේවය කිරීමට සිටින්නේද? ඔය වැඩ බැරි ටාසන්ලාමය. තමන්ට බලය තිබෙන විට හරියට වැඩනොකරන බුද්ධික පතිරණ වැනි අමාත්‍යවරැ ජනතාවට සේවය කරන ආකාරය පිළිබදව වේදිකාවල පැහැදිලි කරන ආකාරය පිළිබදව අපට නම් සිනහව නවතා ගත නොහැක.

පාරිභෝගිකයිනි අපි තව තවත් පාලකයින්ට හුරේ දමමු. මක්නිසාද ඔවුන් තවමත් සිතා සිටන්නේ අපි   හරකුන් කියාය.


(under the courtesy of lankacnews.com news web)

Related posts

පලස්තීන-ශ්‍රී ලංකා එකඟතා ගිවිසුමකට එළඹෙන්න සූදානමක්

Shiran Viraj

කොරොනා එන්නත ජනතාවට දීම ලගදීම

Shiran Viraj

සාමාන්‍ය පෙල ‘ඒ-9’ ගත් සිසු සිසුවියන් 8224යි..

Shiran Viraj