mediahumanrights.lk
News Political

වෙන වෙනම ආණ්ඩු පිහිටුවන්න යන ගමනට 'චමල් සහ දිනේෂ්ගේ' නම් කියමින් දුන් විසඳුම

නව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ වනවිට වෙන වෙනම සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වනවා.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ මන්තී‍්‍රවරුන් 117 දෙනෙකුගේ සහාය ඇතිව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි.
පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර 106 ක් හිමිවුණා. ඊට අමතරව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයෙන් තරග කළ මන්තී‍්‍රවරයෙකුද එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින බැවින් ඔවුන් සතු මන්තී‍්‍ර ධූර සංඛ්‍යාව 107ක්.
ඊට අමතරව තවත් මන්තී‍්‍රවරුන් දස දෙනෙකුගේ සහාය ලබා ගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බවයි අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මන්තී‍්‍රවරුන් 118 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට තමන්ට හැකියාව පවතින බවයි.
පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්තී‍්‍රධූර 96ක් හිමිවුණා. ඒ අතරින් 43දෙනෙකු මෛතී‍්‍ර පාර්ශ්වය නියෝජනය කරන අතර අනෙක් 53දෙනා ඒ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරනවා.
ඒ අනුව එම මන්ති‍්‍රවරුන් 96 දෙනාට අමතරව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් 22 දෙදෙනෙකුගේ සහය ලබා ගැනීමට හැකියාව පවතින බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මතය වී ඇත්තේ දෙපාර්ශ්වයටම පිළිගත හැකි අගමැතිවරයෙක් තෝරා ගැනීම සුදුසු වන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.
කථානායක කරු ජයසූරිය මහතා හෝ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන චමල් රාජපක්ෂ හෝ දිනේෂ් ගුණවර්ධන ඒ සඳහා සුදුසු බවටද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂය, ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් මන්තී‍්‍රවරුන් ගෙන ආණ්ඩුවක් පිහිටුවීමට උත්සහ කළ හොත් අමාත්‍යධූර ලබා නොදෙන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළහොත් කිසිඳු ව්‍යවස්ථා සංශෝධනයකට සහය ලබා නොදෙන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා.
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආරක්ෂක, පරිසර සහ මහවැලි අමාත්‍යාංශ ජනාධිපතිවරයා සතුව පවත්වා ගැනීමට හැකියාව පවතිනවා. එමෙන්ම අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමටද ජනාධිපතිවරයාට 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව හැකියාවක් නැහැ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..

Shiran Viraj

මෝදි සමඟ ලංකාවට ආ ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවර

Shiran Viraj

ජනාධිපති තාත්තා කියවූ අගමැති කියන කතාව

Shiran Viraj