mediahumanrights.lk
News Political

ජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්

රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් අද (16) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන පසුබිම සමග ඇතැම් අමාත්‍යාංශවල කටයුතු නිසි පරිදි සිදුනොවන බවට ලැබී ඇති තොරතුරු පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ රජයේ ප‍්‍රතිපත්තිය කිසිසේත් වෙනස් නොවන බවයි.
මැතිවරණයකින් අනතුරුව දේශපාලන ක්ෂේත‍්‍රයේ විවිධ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය කරුණක් වන අතර එම දේශපාලන තත්ත්වයන් නොසළකා ජනතාව වෙනුවෙන් කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළ රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුව නිසි ඉලක්කයන් වෙත සාර්ථකව මෙහෙයවීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
එම වැඩපිළිවෙළ ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේදී ආයතනික වශයෙන් මතුවන ගැටලූ නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ඉදිරි සංවර්ධන සැලසුම් සහ මෙතෙක් කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය පිළිබඳ සමාලෝචනය කරමින් එම කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දුන්නේය.
දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම් සහ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ කාලසටහන් මේ වන විටත් යොමු කර තිබෙන අතර, අදාළ අමාත්‍යවරුන් දැනුවත් කර මෙම මාසය තුළ එම රැස්වීම පැවැත්වීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම අමාත්‍යාංශ මට්ටමින් කි‍්‍රයාත්මකවන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට තමන් ඉදිරියේදී සෑම අමාත්‍යාංශයක් වෙතම පැමිණීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඉදිරි නියං තත්ත්වයට මුහුණදෙමින් කාලගුණික සහ දේශගුණික වෙනස්කම් සමග කෘෂි ක්ෂේත‍්‍රයේ සහ ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළ තුළ සිදුකළයුතු වෙනස්කම් පිළිබඳ මෙරට විශ්වවිද්‍යාලවල සිටින භූ විද්‍යාඥයින්, තාරකා විද්‍යාඥයින් ඇතුළු අදාළ ප‍්‍රවීනයින් සමග සාකච්ඡා කර අවශ්‍ය සැලසුම් සකස් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පොල් මිල සම්බන්ධව පවතින ගැටලූව පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර පොල් ඉඩම් කැබලි කිරීම සහ ඉඩම් කැබලි කිරීමේ පනතට අදාළ නීති උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව කි‍්‍රයාකාරීමේ අවශ්‍යතාවය වැඩිදුරටත් සාකච්ජා කෙරිණි.
පොල් වගාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සු`ථ පරිමාණ ගොවින්ට අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.
තවද දැනට පොල් වගා නොකරන ප‍්‍රදේශවල පොල්වගාව ප‍්‍රචලිත කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණ කළේය.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මෙම සාකච්ඡාවට එක්විය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කර ගැනීමට පොලිසියට අල්ලස් දීලා

Shiran Viraj

ජනපති රනිල් කියුබා සුරපුරයට..

Shiran Viraj

ලෝකයේ නිවුන් දරුවන්ගේ උපත් වැඩිවෙයි

Shiran Viraj