mediahumanrights.lk
News Political

‘අපේ මෛත‍්‍රි ජනාධිපති අපි බලාගන්න සූදානම්’ – හිටපු ජනපති මහින්ද කියයි

යම් හෙයකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ජනාධිපතිවරයා ඇතුළු එම කණ්ඩායම බලා ගැනීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
අහුංගල්ල ප‍්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒකාබද්ද සමග එක් වන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසට එක්සත් ජාතික පක්‍ෂය විසින් ශ‍්‍රීලනිපයට පැවසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී හිටපු ජනපතිගෙන් විමසීය.
‘ඒක තමයි අපටත් ඔ්න. යන්න කියන්නකෝ බලන්න. අපේ කට්ටිය අපට දෙන්න. එතකොට ඉවරයි.
අපේ ජනාධිපති එතකොට අපි බලාගන්නම්’ යනුවෙන් රාජපක්‍ෂ මහතා ඊට පිලිතුරු දුන්නේය.

(under the courtesy of hitnews.lk news web)

Related posts

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

Shiran Viraj

විරාත් කෝලිට හිමි වූ සම්මාන

Shiran Viraj

ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට

Shiran Viraj