mediahumanrights.lk
Entertainment Entertainment News News

බිරිද ඩිසයින් කරන සාරි විකුණන්න අමිල තැනක්‌ හොයනවා…

පුංචි තිරයේ කඩවසම් පෙම්වතා ඔහු. ඔහු පුංචි තිරයට අලුත් සුන්දර මුහුණු රාශියක්‌ එක්‌ කළ නිහතමානි රංගන ශිල්පියෙක්‌. ක්‌ෂේත්‍රයේ කවුරුත් දන්නා නිසා මිසක්‌ ඔහු හඳුන්වා දුන් අලුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් පිළිබඳ ඔහු කිසිදා කතා කළේ නැහැ. එදත් අදත් ඔහු එකසේ ප්‍රේක්‌ෂක ආදරය නොමඳව දිනා ගත් දක්‌ෂ රංගන ශිල්පියෙක්‌. අමිල අබේසේකර…
වැඩ වගේ?
ඔව්… ෂූටින් තමයි ඉතිං. මේ දවස්‌වල මං රඟපාන තුරුම්පු ආසියා ටෙලි නාට්‍යය සහ සසර සේයා ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒ වගේම පබා ටෙලි නාට්‍යයත් නැවත විකාශය වෙනවා. ඇත්තයි මේ ආදරේ කියලා තවත් නාට්‍යයක්‌ විකාශය වුණා. නමුත් ඒක මොකද්දෝ හේතුවක්‌ නිසා අතරමග නතර වුණා. තව ටෙලි නාට්‍ය පහක්‌ විතර එන්න තියෙනවා.
ෆිල්ම්ස්‌?
ෆිල්ම් සඳහා නම් මේ අවුරුද්දේ තාම මට ආරාධනාවක්‌ ලැබුණේ නැහැ.
අලුතෙන් ව්‍යාපාරයක්‌ ආරම්භ කළා නේද?
ව්‍යාපාරයක්‌ කිව්වට ඒක ලොකුවට කරන දෙයක්‌ නෙමෙයි ඉතිං. දැනට on line කරන සාරි business එක තමයි ඉතිං.
සාරි කඩ නං දැන් හැමතැනම. වැඩක්‌ වෙයිද?
මේකේ විශේෂත්වය මේ අපි නිර්මාණය කරන සාරි එකක්‌ හෝ දෙකක්‌ පමණමයි නිෂ්පාදනය වෙන්නේ. මගේ බිරිඳ එහෙ ඉඳන් design කරලා එවනවා. විනෝදාංශයක්‌ විදිහට පුංචියට තමයි මේක අපි දෙන්න පටන් ගත්තේ. නමුත් දැන් oders වැඩි නිසා තැනක්‌ හොයනවා ව්‍යාපාරය කරගෙන යන්න.
මේ වගේ දෙයකට මුල පිරුවේ ඔබේ බිරිඳ රැකියාවෙන් ඉවත්වෙලා ඔබ එක්‌ක දිගටම ලංකාවේ ඉන්න සැලසුම් කරලද?
එයා ඉස්‌සර ඉඳන්ම සාරි වර්ක්‌ කරන්න , ඩිසයින් කරන්න, හැඩගන්වන්න හරිම කැමැතියි. ඉතිං අද හෙට නොවුණත් කවදහරි රැකියාවෙන් ඉවත් වෙච්ච දවසකට මේ වගේ දෙයක්‌ කරන්න එයාගේ හිතේ පුංචි අදහසක්‌ නැතුවාම නෙමෙයි. හැබැයි ආවට ගියාට නෙමෙයි. වෙන රටකට ගිහිල්ලා ඒ ගැන ඩිග්රි එකක්‌ හරි කරලා තමයි එයා ඒ වගේ වැඩකට අත ගහන්න බලාපොරොත්තු වෙන්නේ.
මේ කියන දේවල්වල හැටියට නං තාම දෙන්නා තුන්දෙනා වෙන්න අදහසක්‌ නෑ වගේ.
නැත්තෙමත් නෑ. එහෙම අදහසකුත් තියෙනවා. ඒත් ඉතිං ඒවා අපිට ඕන වෙලාවට වෙන්නේ නෑනේ.
පහුගිය කාලේ අමිල ව්‍යාපාර කිහිපයක නියෑළුණා නේද?
ඔව්… පොඩි පොඩි වැඩ කිහිපයක්‌ කළා. නමුත් මට මේ කලා කටයුතුවල වැඩ එනකොට එක දිගට එනවා. ඒ හින්දා ඒ ව්‍යාපර කටයුතු අත් ඇරලා දාන්න සිද්ධ වුණා මොකද නැත්නං මට එකක්‌වත් කරගන්න අමාරුයි.
ඔබට ලැබුණු හැම නිර්මාණයකටම වැඩිය තාමත් ජනප්‍රිය පබා ද?
ඇත්තටම මෙහෙමයි. බොරු කියන්න ඕන නැහැනේ. අනිත් නිර්මාණත් ජනප්‍රිය වුණා හුඟක්‌. නමුත් පබා අදටත් ජනප්‍රියයි. මේ පබා විකාශය වෙන්නේ හතරවැනි හෝ පස්‌වැනි වතාවට. නමුත් මට පුංචි වාසනාවක්‌ තිබුණා, මං පෙම්වතා චරිතය රඟපෑ හැම ටෙලි නාට්‍යයක්‌ම වගේ ජනප්‍රිය තලයේ නිර්මාණ බවට පත්වුණා. ඉතිං ඒක ලොකු වාසනාවක්‌ මට ලැබිච්ච.
අලුත් නළුවන් නිසා ජනප්‍රිය නළුවා සම්මානය ඔබෙන් දුරස්‌ වෙලාද?
ඒක එහෙමයි කියලා මට දැනෙන්නේ නැහැ. තවමත් දෙයියනේ කියලා ටෙලි නාට්‍ය ලැබෙනවා සහ මිනිස්‌සුන්ගේ ආදරය ජනප්‍රියත්වය නොමඳව ලැබෙනවා. ඉතිං ඊට වැඩිය තව වෙන මොනවද? අනික නිෂ්පාදකවරයෙක්‌ අධ්‍යක්‌ෂවරයෙක්‌ අපිව නිර්මාණයකට ගන්නේ සහ අපි ඉන්න නිර්මාණයක්‌ නාලිකාවක්‌ මිලදී ගන්නේ තවමත් අපිව විකුණන්න පුළුවන් නිසානේ.
ආයෙත් නිෂ්පාදන කටයුත්තකට අත ගහන්න බලාපොරොත්තුවක්‌ නැද්ද?
මේ අවුරුද්දේ අන්තිමට හෝ ලබන අවුරුද්දේ මුල ටෙලි නාට්‍යයක වැඩ කටයුතු පටන් ගන්න හිතාගෙන ඉන්නවා.
නිෂ්පාදනය විතරද? අධ්‍යක්‌ෂණය කරන්න අදහසක්‌ නැද්ද?
අධ්‍යක්‌ෂණය වගේ දේවල් කරන්න අපිට තව හුඟක්‌ කල් තියෙනවා කියලයි මං හිතන්නේ.
ගායකයෙක්‌ වුණොත් මොකද?
මගේ නං ඒ ගැන එහෙම ලොකු ආසාවක්‌ නැහැ. මොකද දන්න දේ කරගෙන ඉන්නයි මං කැමැති. හැබැයි මගේ බිරිඳ නං නිතර ඇවිටිලි කරනවා ඔය කාරණාව සම්බන්ධයෙන්.
Ö ඔබේ බිරිඳ දැන් කියන්නේ නැද්ද, ඔය රඟපෑවා ඇති දැන් ඇය ළඟට එන්න කියලා?
එයා එහෙම කියපු කාලෙකුත් තිබුණා. එයාටත් හරි දුකයි. මට දැන් මේක දාලා එන්න කියන්න. මොකද දැන් මං ක්‌ෂේත්‍රයේ අවුරුදු විස්‌සකට ආසන්නව කටයුතු කරපු නිසා.
ඔබේ බිරිඳ බොහොම සුන්දර රූ සපුවකට හිමිකම් කියන කෙනෙක්‌නෙ. කලා ක්‌ෂේත්‍රයට ඇයට ආරාධනා කළේ නැද්ද?
එයා මේ රඟපාන දේවල් වලට එන්න කොහෙත්ම කැමැත්තක්‌ නෑ. ඉස්‌කෝලෙන් අවුට්‌ වෙච්ච ගමන් එයා ගුවන් සේවිකාවක්‌ විදිහට රැකියාව කරන්න පටන් ගත්තා. ඉතිං එයා ඒ රැකියාව කරන්නේ හරිම සතුටින්.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

කොළඹ අවට 130ක් අතුරුදන්

Shiran Viraj

ජනාධිපති එනතෙක් වැඩ බලන්න සියඹලාපිටිය පත් කරයි…

Shiran Viraj

තැපැල් ඡන්දයට දින නියම වෙයි. – EXCLUSIVE

Shiran Viraj