mediahumanrights.lk
News Political

සමස්ත ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා

සමස්ත ආණ්ඩුවටම විරුද්ධව ඉදිරියේ දී විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ජාඇල ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමක් අමතමින් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රධාන අමාත්‍යවරුන් සිදුකළ බව කියන දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පියවර ගෙන ඇති අතර එහි පළමු වැන්න ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව අද ඉදිරිපත් කරනු ලැබීය.
(under the courtesy of adaderana news web)

Related posts

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයි

Shiran Viraj

කෝලි..යුවරාජ්..ශුරයන්ගේ කුසලාන 'අවසන් තරගය පාවා දුන් බවට' චෝදනා

Shiran Viraj

"සන්ධාන ආණ්ඩුව බිඳ දමා තනි ආණ්ඩුවක් ඇති කළොත්" – නීතිවේදීන් නීතිය පෙන්වයි

Shiran Viraj