mediahumanrights.lk
Entertainment Entertainment News News

තාත්තාගේ හොදම සිසුවියට පෙම් බැදි කසුන්

මම දැනගෙන හිටියා ඔය හිත ආදරේ කරන බව. ඔයා දැනගෙන හිටියා මේ හිතත් ආදරේ කරන බව. ඒත් ආදරේ කියන මාතෘකාව ළඟ අපි දෙන්න ගොළුවෙලා ගතකළ කාලය මොන තරම් දිගුයිද?. අපිට අපේ ආදරේ විඳගන්න තියෙන එකම ඇසිල්ලක්‌වත් අපතේ නොයවා ආදරේ විඳින්න පටන්ගත්තාට පස්‌සේ ඒ ආදරය නැතිව ගෙවුණ කාලය ගැන පුදුම ලෝභකමක්‌ මට අදටත් දැනෙනවා.
ජනප්‍රිය යොවුන් ගායිකාවකට පෙම්බැදි කසුන් පැස්‌කුවල්ගේ ආදර හිත ආදර හැන්දෑවේ දැවටෙන ඇසිල්ලෙම මේ සොඳුරු පෙම්වතුන් එක්‌ව ගැයූ ආදරයේ ගීතය ආදර හැන්දෑවට රතුරෝස සුවඳක්‌ සේ පාව ඇවිත් සොදුරු ආදර හැන්දෑව තවත් පෙම්වන්ත කළා.
නිලවන් ජලාසේ දියරැල් සිනාසේ
කිමිදෙන්න පීනා හදවිලේ මාගේ…
සඳකැන් වැටීලා පෙම්වන්ත යායේ
නැළවෙන්න ඕනෑ තුරුලේ ඔයාගේ…
කසුන්ට ෙච්තනා දැනගන්න ලැබෙන්නෙ
ෙච්තනාව මට මුලින්ම දකින්න ලැබෙන්නෙ මගේ තාත්තගේ සංගීත පන්තියේ ශිෂ්‍යාවක්‌ විදිහට.ඒ 2008 වර්ෂයේ. ඔය අතරේ ඇය දෙරණ ඩී්‍රම් ස්‌ටාර් තරගයෙන් ඉදිරියට යද්දි සංගීත පන්තියේදී ෙච්තනාව නිතරම පුහුණුවීම්වලදී දකින්න ලැබුණා. ඒත් ඇය මගේ පෙම්වතිය කරගන්න සිතුවිල්ලක්‌ තිබුණේ නැහැ.
දෙදෙනා අතර සමීප ඇසුරක්‌ ගොඩනැගෙන්නේ ?
එක්‌තරා කාලයක තාත්තගේ සංගීත පන්තියේ ළමයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රසංගයක්‌ කරන්න කටයුතු සූදානම් කළා. ඒ කාරණය එක්‌ක නිතරම ෙච්තනාටයි මටයි එකට වැඩ කරන්න සිද්ධ වුණා. ඒ කාල වකවානුව අපි දෙන්නට අපි තේරුම් ගන්න හොඳ ඉඩක්‌ ලබාදුන්න කාලයක්‌ වගෙයි මම හිතන්නේ. අපි දෙන්නගේම අදහස්‌වල තිබුණ සමානකම් එක්‌ක අපි බොහෝ තැන්වලදී එකගතාවයකින් වැඩ කරන්න පටන් අරන් තිබුණා. ඇත්තම කියනවා නම් අපි දෙන්න අතර තිබුණ බොහෝ සමානකම් අපි එකිනෙකාට ළං කරල තිබුණා.
එතැනින් ආදර කතාව ඇරඹුණා ?
කාලයත් එක්‌ක අපි දෙන්නම එකම හැගීමකට ඇවිත් තිබුණා. දෙන්නගේම හිත්වල දෙදෙනා කෙරෙහි ආදරයක්‌ ඇතිවෙලා කියල අපි දෙන්නම තේරුම් අරන් හිටියේ. නමුත් මුලින්ම ආදරය ප්‍රකාශ කළේ මම. ඒ වෙද්දි ඇගේ හිතෙත් ආදර හැගුම් තිබුණත් එයා එකහෙලාම මගේ ආදරය පිළිගත්තේ නම් නැහැ.
ගැහැනු හිත්වල ඔයවගේ ඉල්ලීම් ඉදිරියේ ඇතිවන පුංචි අහංකාර හැගුමක්‌ද ඒ ?
ඒක අහංකාරකමක්‌ පෑමක්‌ නෙවෙයි. ෙච්තනා තුල ගුරුවරයෙක්‌ විදිහට මගේ තාත්තා ගැන විසල් ගරුත්වයක්‌ තිබුණා. ඒ හැගීමත් එක්‌ක තාත්තාගේ ආශිර්වාදයකින් තොරව මගේ ආදරය පිළිගන්න ඇය සූදානම් වුණේ නැහැ.
ඉතින් ගුරුතුමාගෙන් තමන්ගේ හොදම ශිෂ්‍යාවට ආශිර්වාද ලැබුණාද ?
තාත්තා බොහොම වෙනස්‌ විදිහට හිතන කෙනෙක්‌. තාත්ත කවදාවත් මෙවැනි ප්‍රේම සම්බන්ධතාවයක්‌ ගැන පටු විදිහට හිතන කෙනෙක්‌ නෙවෙයි. ඇය තාත්තගේ හොදම සිසුවිය වීමම නොවෙයි. ෙච්තනා ළග තියෙන හොද ගතිගුණ නිසාම තාත්ත ඇය තමන්ගේ ලේලිය වෙනඑක සතුටින් දරාගන්න ඇති කියල මම හිතනවා.
පළමුව ප්‍රේමය ඉන්පසු විවාහය ?
අපි දෙන්නගේම පවුල්වල අය දන්න හදුනන නිසා අපිට හැමෝගෙන්ම ආශිර්වාද ලැබුණා. අපි හදුනාගෙන නම් ලොකු කාලයක්‌ ගතවෙලා තිබුණානේ. අපි පෙම් කරන්න පටන් අරන් අවුරුදු එකහමාරක්‌ විතර වෙද්දි අපි දෙන්න තීරණය කළා විවාහ වෙන්න.
මේක බාධක දුක්‌ කම්කටොලු තොර ප්‍රේම කතාවක්‌ ද ?
එහෙම වුණේ නැහැ. අපි දෙන්නටත් විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් ඒ හැම ප්‍රශ්නයකදීම අපි දෙන්න හොද අවබෝධයකින් ජීවිතය පරිහරණය කළනිසා අපිට ඒ දෙවල් පරාජය කරන්න හැකිවුණා.
ආදර හිතකින් කුළුඳුළේ දෙන තිළිණය ආදර හිත්වල සදාකාලික මතක සටහන් ඉතිරි කරනවා නේද ?
අපි ආදරය කරන්න පටන් ගත්තාට පස්‌සෙ මම ෙච්තනාට ඉස්‌සරවෙලාම දුන්නේ රන් මාලයක්‌ සහ පෙන්ඩන්ට්‌ එකක්‌. එයා විදේශ සංචාරයක්‌ ගිහින් එද්දි මට වටිනා සුවද විලවුන් වර්ගයක්‌ තිළිණයක්‌ විදිහට අරන් ඇවිත් තිබුණා.
අද වෙද්දි සංගීතයට අපූරු හැකියාවන් දරාගෙන සිටියත් ඔබ දෙදෙනාම සංගීතයෙන් පිට වෘත්තීන් තෝරාගෙන නේද
ඔව් අපි දෙන්නම සංගීතය අපේ ප්‍රධාන ජීවන වෘත්තිය කරගෙන නැහැ. අපි දෙන්නම පෞද්ගලික අංශයේ රැකියාවන් කරනවා. අපේ ප්‍රධාන ආදායම් මාර්ගය සංගීතය කර නොගැනිම නිසා අපිට සංගීත නිර්මාණයක්‌ කරද්දි තෝරා බේරාගෙන අපි කැමැති විදිහේ හොද නිර්මාණ කරන්න අවස්‌ථාව ලැබෙනවා කියා අපි දෙන්නම විශ්වාස කරනවා.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Shiran Viraj

හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයි

Shiran Viraj

හොද වැඩ කරන අයට රජයෙන් තෑගි..

Shiran Viraj