mediahumanrights.lk
Local News News Political

උමාඔය යනු අයිය-මල්ලි සමාගමේ මහා මංකොල්ලයයි

උමාඔයෙන් නැගෙන අදෝනාව සහෝදර සමාගමේ අත්තනෝමතික කි‍්‍රයාකලාපයේ ප‍්‍රතිඵලයක් බව වාරිමාර්ගග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අමරිකානු ඩොලර් මිලියන 160 න් නිම කිරීමට හැකියාව තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 548 ක් ලෙස ඇස්තමේන්තු සකස් කරමින් මුදල් වංචා කර ඇති බවයි.
බණ්ඩාරවෙල යනු සුවිශේෂී වැදගත්කමකින් යුතු ප‍්‍රදේශයක් බවත් විවේකයක් ගන්න නුවරඑළියට බණ්ඩාරවෙලට යන්න යැයි නිර්මාණය වී ඇති කියමනද මේ වන විට වෙනස් වීමට පටන්ගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේ ඉදිකිරීමට යෝජිත නීරෝගම උදා ගම්මානයේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා (01) පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදු විය.
ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී අභීත මෙහෙවරක් ඉටු කළ සහ අවසන් සටනේදී රට වෙනුවෙන් දිවි පිදූ නීරෝ හෙවත් රංජිත් පේ‍්‍රමසිරි රණවිරුවාට උපහාරයක් ලෙස මෙම ගම්මානය නීරෝගම ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ.
ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සිටි දක්‍ෂතම වෙඩික්කරු ලෙස හැදින්වෙන නිරෝගේ ඉලක්ක 298 ක් සාර්ථක වී තිබේ.
අසරණව සිටි නීරෝගේ මව වෙතද මෙම ගම්මානයේ නිවසක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේ ද පැවසීය,
2001 සිට 2004 දක්වා කාලයේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව යටතේ හම්බන්තොටට ජලය බෙදන්න අපිත් උමාඔය ව්‍යාපෘතියක් සකස් කළා. පරිසරය රැකෙන පරිදි හා වඩාත් ගුණාත්මක ආකාරයේ ව්‍යාපෘතියක් ලෙස සකස් කළ එම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව ඩොලර් මිලියන 160 යි. අපිට 2004 දී විපක්‍ෂයට යන්න සිද්ද වුණා.  ඒ මතින් මෙම ව්‍යාපෘතිය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් අතට ගත්තා. අප සැලසුම් කළේ කැනේඩියානු සමාගමක් සමගයි. එහෙත් එම එකගතා බිඳ දමමින් රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉරානය සමග අත්වැල් බැද ගත්තා. එමෙන්ම ඩොලර් 160 ක් වූ ඇස්තමේන්තුව එක් වරක් ඩොලර් මිලියන 300 ක් දක්වාත් දෙවනුව ඩොලර් මිලියන 548 ක් දක්වාත් ඉහළ දමමින් උමාඔය ව්‍යාපෘතිය ආරම්භ කරන්න සැලසුම් කළා.
මෙම යෝජනාවට අත්සන් කිරීමට එවකට වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා එකග වුණේ නැහැ. ඔහු දැඩිව විරෝධය පල කළා. ඔහු කිව්වා රජයේ මුදල් කොල්ලයකට ඉඩ සලසන ව්‍යාපෘති සඳහා අත්සන් තැබිය නොහැකි බව. එහෙත් රාජපක්‍ෂවරු ඔහුට බල කළා. අවසානයේදී අස්වීමේ ලිපියක් ලියා තබමින් ඉතා කනස්සල්ලෙන් යුතුව ගුණවර්ධන ලේකම්වරයා ඉල්ලා අස්වී ගෙදර ගියා. ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් වාරිමාර්ග අමාත්‍යංශයේ තිබෙනවා. පරම්පරා ගණනකට හෙණ ගහන්නා හා සමාන බලපෑමක් සහිත මෙවැනි මුදල් කොල්ලයකට හා පරිසර විනාශයකට තමන්ට සම්බන්ධ විය නොහැකි බව ගුණවර්ධන ලේකම්වරයා එම ලිපියේ පැහැදිලිව සඳහන් කරල තිබෙනවා.
ඊට පස්සේ මේ කොල්ලයට කොහොම හරි නිලධාරීන්ගේ අනුමැතිය ලබා ගත්තා. 2011 වසරේ අප්පේ‍්‍රල් මස 12 දා තමයි මේ මහා විනාශයේ ආරම්භයට නිල අනුමැතියක් ලැබන්නේ. පරිසර අධිකාරියේ එවකට සභාපතිවරයා වූ චරිත හේරත් මේ යෝජනාවට අදාළ පරිසර වාර්තාවට අත්සන් තැබුවා. හරියටම සිංහල අලූත් අවුරුද්දට පෙර දවසේ මේ කටයුත්ත සිදු වනවා. නිවාඩු දිනයක කාර්යාලයට රහසේ පැමිණ චරිත හේරත් මේ අනුමැතිය ලබා දුන්නා. මහින්ද මල්ලි ජනාධිපති පුටුවේ. අයිය චමල්. ඔහු වාරිමාර්ග ඇමති.  උමාඔය යනු අයිය මල්ලි එකතු වෙලා එකට සැලසුම් කළ මහා කොල්ලයක්. 160 කළ හැකි ව්‍යාපෘතියට 548 ක් වැය වීමෙන් මේ මහා කොල්ලය පැහැදිලියි. දැන් දුක් විදින්නේ බන්ඩාරවෙල හා ඒ අවට ජනතාව මිස අයිය මලෝ සහෝදරයින් නෙමෙයි. මේ තත්ත්වය තේරුම් ගත යුතුයි.
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා අද පන්සල්වලට ගිහින් කියනවා හැම දේකටම මං තමයි අල්ලන්නේ කියලා. සිරියාවේ අරගලයත් තමන් පිටින් යවයි කියලත් ඔහු කියනවා. ඒක එසේ නොවුනත් ඔහු උත්සාහ කළේ ශී‍්‍ර ලංකාවත් සිරියාවක් කරන්නැයි කියා අපිට තේරුම් ගන්න පුලූවන්. රටේ අනවශ්‍ය ප‍්‍රශ්න ඇති වන සෑම මූල බීජයක්ම රාජපක්‍ෂවරුන්ගේ යැයි කීමට අපි බිය වන්නේ නෑ.
(under the courtesy of adaderana news web)

Related posts

බෝග වනසන පළගැටියා සබරගමුවට සහ දකුණටත්

Shiran Viraj

‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා.. රටටම තෙවැනි මග අරඹනවා..’- ආණ්ඩුවේ සෙසු පක්‍ෂත් සමග විමල් කියයි…

Shiran Viraj

ජනතාව ඇදිරි නීතියට සූදානම්.. අරක්කු මිලට ගන්න දිගු පෝලිම්.

Shiran Viraj