mediahumanrights.lk
Local News News

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයා සහ පෞද්ගලික රසායනාගාරයක නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 24 වන දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
සැකකාර වෛද්‍යවරයාගේ ජංගම දුරකථනය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් කොමිසම වෙත අධිකරණය අවසර ලබාදී තිබේ.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ලබන 27 වනදා සලකා බලන බව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව අධිකරණ වාර්තාකරු පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

රවී ගේ තර්ජනයට ලක්ව රටින් ගිය 'අනිකා' ගේ සමාගමේ සිදුවූ රුපියල් බිලියනයක කොටස් පෙරළියේ ඇත්ත මෙන්න

Shiran Viraj

සා.පෙළ සිසුන්ට හැඳුනුම්පත් ගන්න සුහුරුපාය සෙනසුරාදාත් විවෘතයි

Shiran Viraj

Exclusive : ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්‍ෂක ලේකම් කියයි..

Shiran Viraj