mediahumanrights.lk
Local News News

ඩෙංගු මර්ධනයට වෙලාවක් නියම කෙරෙයි

ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (16) සිට සතියේ සෑම සිකුරාදා දිනකම පැයක කාලයක් රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වනවා. ඒ, ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේයි.
උදෑසන 9 යි 30 සිට 10යි 30 දක්වා වූ පැයක කාල සීමාව තුළ මෙම ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. එලෙස පිරිසිදු කෙරෙන නිවාස, රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත‍්‍රිවිධ හමුදා සාමාජික කණ්ඩායම් පැමිණෙනු ඇති. ඩෙංගු මදුරු කීටයන් හමුවන පරිශ‍්‍ර දුමායනය කිරීම ද මේ යටතේ සිදු කෙරෙනවා.
මීට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි තුන් මාසික ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කෙරෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…

Shiran Viraj

මත්ද්‍රව්‍ය හෝ සමාජ විරෝධී චෝදනා ඇති අයට අපි නාමයෝජනා දෙන්නේ නෑ…

Shiran Viraj

අදත් හවස 2න් පස්සේ දිවයිනේ බොහෝ තැන්වලට වැස්ස

Shiran Viraj