mediahumanrights.lk
Local News News

පාසල් සිසුවාට ලිංගික හිරිහැර කර සෙබළාගේ බිරිදට වැඩ වැරදුන හැටි

බාල වයස්කාර පාසල් සිසුවෙකුට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලැබූ කාන්තාවකට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් විසින් වසර තුනකට වසර හත බැගින්වූ බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.
මෙලෙස සිර දඬුවම් නියමවී ඇත්තේ 16 කණුව, අලිවංගුව, පේමඩුව පදිංචිව සිටින යුද හමුදා සෙබළෙකුගේ බිරිඳකට බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
විත්තිකාරියට නියමකල සිරදඬුවමට අමතරව එක් එක් චෝදනාවන්ට රුපියල් 500 බැගන් දඩ නියමකල විනිසුරුවරයා එම දඩමුදල් නොගෙවන්නේ නම් තවත් මාස තුන බැගින්වූ ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද නියමකර තිබෙනවා.
විත්තිකාරියට දරුවෙකු ලැබීමට සිටින බැවින් චෝදනා තුනට වෙන් වෙන්ව නියමකල වසර තුනක සිර දඬුවම එකවර ගෙවීයන අයුරින් ක්‍රියාමක කරන බව විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් විවෘත අධිකරණය හමුවේ පැවසූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අදාල කාන්තාව විසින් 2011 මැයි මස 20 වනදා සිට 2012 මැයි මස 18 වනදා දක්වා කාලය අතර තුරදී මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි බාලවයස්කාර පාසල් දරුවෙකුට මෙලෙස බරපතල ලිංගික අතවර සිදුකර තිබෙනවා.
දඬුවම් නියමවූ කාන්තාවගේ සැමියා යුද හමුදාවේ සේවයේ නිරතවීම නිසා මසකකට එක්වරක් පමණක් නිවසට පැමිණ ඇති බවත් ඇය රාත්‍රී කාලයේ නිදා ගැනීමට දරුවාගේ නිවසට ගොස් ඇති බවත් සමහර අවස්ථාවලදී කාන්තාව, බාල වයස්කාර දරුවාව නිවසට කැඳවාගෙන ගොස්  දරුවාට බරපතල ලිංගික අතවරයන් සිදුකර තිබෙන බව අධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී ප්‍රකාශ වූ බව සඳහන්.
විත්තිකාර කාන්තාව පොලිසියට හා අධිකරණයට සාක්ෂි දෙමින් පවසා ඇත්තේ බාල වයස්කරු විසින් විටින්විට තමන්ට ලිංගික හිරිහැරයන් සිදුකල බවයි.
එහෙත් අධිකරණයේ පැවති නඩු විභාගයේදී විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් නගාතිබූ චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකිරීම සඳහා පැමිණිල්ල සමත්වීම හේතුවෙන් විත්තිකාර කාන්තාව චෝදනා තුනටම වරදකරු බව නිගමනය කර තිබෙනවා.
(under the courtesy of rategossip news web)

Related posts

ළඟ තිබෙන මුදල් නෝට්ටු වහාම පරීක්ෂා කරන්න! නැතිනම් අලුත් අවුරුද්දේ පාඩු විඳින්න වෙයි! මහ බැංකුව කියයි

Shiran Viraj

Exclusive : ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්‍ෂක ලේකම් කියයි..

Shiran Viraj

අයවැය ඉහලින්ම සම්මතයි…

Shiran Viraj