mediahumanrights.lk
LIFE LIFE NEWS

වේගයෙන් හිසකෙස් වවා ගමුද මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්බෙහෙත් හතරක්

කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ.
ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන.
ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන.
කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි.
හිස කෙස් වලට කරපිංචාවල බලපෑම
1. හිස කෙස් වැටීම වලක්වයි.
2. හිස කෙස් මුල් ප්‍රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලුත්වැඩියා කර ශක්තිමත් කරයි.
– කරපිංචා කොළ කෝප්ප භාගයක්
– වතුර කෝප්පයක්
විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න
කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ.
දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න
මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15-20ක් මසාජ් කරන්න,
සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ.
කරපිංචා සහ කොහොඹ
– කරපිංචා කොළ 7-8
– කොහොඹ කොළ 7-8
– සියඹලා කුඩු තේ හැදී 3
– යෝගට් තේ හැදී 3
සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න. මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න. හිස සෝදන විට පාවිච්චි කරන්න. මසකින් හොද ප්‍රතිපල ලබා ගත හැකියි.
කරපිංචා සහ උළුහාල්
– කරපිංචා කොළ කෝප්ප භාගයක්
– උළුහාල් මේස හැදී 2
– වතුර කෝප්ප ½
සියලු දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අබරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න. මද උණු වතුරින් සෝදා හරින්න . අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි.
කරපිංචා තෙල් එකක් ලෙස
– පොල් තෙල් කෝප්ප ½
– කරපිංචා කොළ 7-8
කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න. පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න. කලුපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න. සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස්, කෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්.
මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්.

Related posts

ඔබ ගර්භණී නම් මේ ගැනත් හිතන්න

Shiran Viraj

සියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයා

Shiran Viraj

පැතිකුදය සුවකර ගැනීමට ප්‍රතිකාර තිබේ

Shiran Viraj