mediahumanrights.lk
Local News News Political

විපක්ෂ නායකගේ සිග්නල් වැටීම ගැන දිනේෂ් කියයි

වත්මන් විපක්ෂ නායකවරයා අද වන විට ආණ්ඩුවේ සිග්නල් කණුවක් බවට පරිවර්තනය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ආණ්ඩුව විසින් ස්විචය දැමු විට ක්‍රියාත්මක වීමටත් එය අක්‍රීය වු විට සිග්නල් නැවතීමටත් විපක්ෂ නායකවරයා කටයුතු කරන බව අද (29) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
විපක්ෂ නායකවරයා ඇතුළු සමහර පිරිස් ආණ්ඩුව සමඟ උදාකර ගෙන ඇති මෙම හානිදායක තත්ත්වය තුළින් රටට අයහපතක් සිදුවන බවත් අතීතයේ දී අමිර්තලිංගම් වැනි විපක්ෂ නායකවරුන්ගේ අභාෂය නොගැනීම තුළින් වත්මන් විපක්ෂ නායකගේ ප්‍රතිපත්ති නොමැති ක්‍රියාකලාපය අද මනාව පසක් වන බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා කෑගසමින් ජිනිවා මානව හිමිකම් සමුළුවෙහි නිර්දේශයන් පිළිබඳ කථා කරන බවත් රටක ජාතික නිදහස හා ස්වාධීන්තවය පාලනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයට කිසිදු අමාත්‍යවරයෙක්ට එයට පටහැනිව ක්‍රියා කළ නොහැකි බවත් එවන් අවස්ථාවක් උදා වුවහොත් ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය හඬ නගන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
මේ අතර GSP සහනය ලැබුණු බව රජය ප්‍රකාශ කළ ද එවැන්නක් ලංකාවට මෙතෙක් හිමිව නැති බවත් එනිසා ලංකා ඉතිහාසයේ විශාලම මූල්‍ය ආර්ථික අර්බුදයට අද වන විට ලංකායට මුහුණ දීමට සිදුව ඇති බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

පුබුදුගේ පෙම්වතිය NSBM එකේ අවුරුදු කුමාරිය වුන හැටි – Photo

Shiran Viraj

මෙවර මග හරින්න බැරිවෙයි.. ලාෆ් ගෑස් මිල අඩු කරයි…

Shiran Viraj

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Shiran Viraj