mediahumanrights.lk
Local News News

සයිටම් වසා දැමීමට පාදෙනිය නවීන් සමග අනුර කුමාර එක්වේ

ගැටළුකාරී සයිටම් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය නවීන් සොයිසා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් හා ජවිපෙ අතර සාකච්ඡාවක් ඊයේ(06) පැවැත්විනි.

පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති එම සාකච්ඡාව සඳහා ජවිපෙ නායක අනුර දිසානායක සහ ජාතික සංවිධායක බිමල් රත්නායක යන මහත්වරු සහභාගී වූහ. රෝගී ජීවිත අනතුරට ලක්කරන සහ රටේ සෞඛ්‍ය සේවාව අනතුරට ලක්කරන සයිටම් ආයතනය පරාජය කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ එහිදී සඳහන් කරන ලදි.
සයිටම් ආයතනය පරාජයට පත්කිරීමට පෙළ ගැසෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව ඉදිරියේදී කටයුතු කරන බව පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා පවසා සිටියේය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්

Related posts

ළමුන්ට සිදුකළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදාබැලීම් බ්‍රිතාන්‍යය අත්හිටුවයි

Shiran Viraj

සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

Shiran Viraj

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

Shiran Viraj