mediahumanrights.lk
Local News News

මොරටුව සිසු ගැටුමෙන් 6ට තුවාල 10ක් අත්අඩංගුවට

මොරටුව ප්‍රදේශයේ පාසලක පැවති ක්‍රිකට් තරඟයකදී පාසල් දෙකකට අයත් ශිෂ්‍යයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

මොරටුව ප්‍රදේශයේ හා නුගේගොඩ ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් අවසානයේදී ගැටුම හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
ගැටුමෙන් තුවාල ලැබූ ශිෂ්‍යයින් 06 දෙනා ලුනාව රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයින්  දස දෙනෙකු මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද(16) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

රතු ලයිට් මැද දුම්රිය පාරට දැමූ කාර් රථය කුඩු පට්ටම්.. දෙදෙනෙක් එතනම මරුට…

Shiran Viraj

ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj

දිස්ත‍්‍රික්ක 04කට නායයාම් අවදානමක් – නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලයි

Shiran Viraj