mediahumanrights.lk
Local News News

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 4ට ලොකු පුටු

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු  සිව් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
සේවා කාලය හා කුසලතාවය මත 2016 වසරේ දෙසැම්බර් මස 25 වන දින සිට ඔවුන් අදාළ තනතුරු සඳහා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ.
ඒ අනුව  ඇමති ආරක්ෂක කොට්ඨාශයේ යු.පි.සෙනෙවිරත්න, කොළඹ උතුර කොට්ඨාශයේ එච්.ජි.ඩි.එස්.අමරසිංහ, ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ඒ.ජේ.ගුණසේකර සහ නුගේගොඩ කොට්ඨාශයේ ඩබ්ලිව්.එච්.බණ්ඩාර යන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් මෙලෙස සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Related posts

චීනය ශ‍්‍රී ලංකාව සමග අමනාප වේ…

Shiran Viraj

ගූගල් ප්ලස් ලීක් කරගෙන

Shiran Viraj

සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..

Shiran Viraj