mediahumanrights.lk
News Sports Sports News

කරට කර සටනක්‌ දී ලංකාව අවසන් පන්දුවේදී ජය ගනී

සටන්කාමී පිති ප්‍රහාරයක්‌ දියත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙල්බන් ක්‍රීඩාංගණයට පැමිණ සිටි පේක්ෂකයන්ට තියුණු තරගයක්‌ දැක බලා ගැනීමට සලස්‌වමින් ඔස්‌ට්‍රේලියාව සමග පැවැති පළමු විස්‌සයි විස්‌ස තරගයෙන් කඩුලු පහක ජයක්‌
ලැබීමට ඊයේ (17 දා) සමත් විය.ෙ පන්දු ඕවරයට ලකුණු අටකට වඩා ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්‌කය හඹා ගිය ශ්‍රී ලංකාවට අවසන් පන්දු 18 දී කඩුලු හතක්‌ අතැතිව ලකුණු 18 ක්‌ අවශ්‍යව තිබුණි. අනතුරුව ලකුණු අතර සිටි අසේල ගුණරත්න දැවී යාමත් සමග එම පන්දු ඕවරයේදීම මිලින්ද සිරිවර්ධනවද දවා ගත් ඔස්‌ටේ්‍රලියානු පන්දු යවන්නෝ තරගය කරට කර සටනක්‌ බවට පත්කරලීමට සමත් වූහ.
කෙසේ වෙතත් අවසන් පන්දු හයට ලකුණු හයක්‌ අවශ්‍යව තිබියදී කඩුල්ලේ රැදී සිටි චාමර කපුගෙදර සහ සීක්‌කුගේ ප්‍රසන්න අවසන් පන්දුවේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලීමට සමත් විය. අවසන් පන්දු දෙකේදී ජයග්‍රහණයට ලකුණූ තුනක්‌ අවශ්‍ය වූ අතර අනතුරුව පස්‌වැනි පන්දුවට කපුගෙදර ලකුණු දෙකක්‌ ලබා ගනිමින් තරගය සම තත්ත්වයට ගෙන ඒමට සමත් විය. අවසන් පන්දුවේදී ජයග්‍රහණයට අවශ්‍ය වූ එක්‌ ලකුණ හතරේ පහරකින් ලබා ගැනීමට කපුගෙදරට හැකි විය.
කැපී පෙනෙනම පිති ප්‍රහාරය දියත් කළ අසේල ගුණරත්න සිය පස්‌වැනි විස්‌සයි විස්‌ස තරගයේදී මංගල අර්ධ ශතකය වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. ඔහු පන්දු 37කදී හතරේ පහර හතක්‌ සමග ලකුණු 52 ක්‌ ලබා ගත්තේය. වසර හතරකට පසුව යළිත් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ හිමිවූ ඩිල්ෂාන් මුණවීර පන්දු 29 කදී හතරේ පහර හයක්‌ සමග ලකුණු 44 ක්‌ ලබා ගත්තේය.
පළමුව පිති ප්‍රහාරය දියත් කරමින් ඔස්‌ටේ්‍රලියාව ලබාදුන් ලකුණු 168 ට පිළිතුරු ඉනිම හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පළමු පන්දු ඕවර දහය තුළදී තරගයේ පාලනය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට සමත් වුහ. නායක උපුල් තරංග පළමු පන්දුවාරයේදීම ලකුණු නොලබා දැවී ගියද නිරෝෂන් දික්‌වැල්ල සහ ඩිල්ෂාන් මුණවීර ඔස්‌ටේ්‍රලියානු පන්දු යවන්නන් මට්‌ටු කරමින් ලකුණු 78 ක සබඳතාවක්‌ දෙවැනි කඩුල්ලට පිහිටුවීමට සමත් වුහ. සුපුරුදු ප්‍රවේගකාරී පිති ප්‍රහාරය දියත් කළ දික්‌වැල්ලගේ ඉනිම පන්දු 25 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර හතරකින් වර්ණවත් විය.
– ගොසිප්Cලංකා
https://youtu.be/UNLUKVLOCZU
 
 

Related posts

මෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරය

Shiran Viraj

පැය 2ක් තුළ නිකුත් නොකරන රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීමට වලංගු නෑ

Shiran Viraj

ඉන්දියාවේ පරාජය ක්‍රිකට් වාර්තා අලූත් කරයි

Shiran Viraj