mediahumanrights.lk
Local News News

උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නේ නෑ.. – විග්නේෂ්වරන් නිල වශයෙන් කියයි..

උතුරේ කිසිදු ඉඩමක්‌ ආරක්‍ෂක හමුදාවට පවරා ගැනීමට ඉඩ නොදෙන බවත් පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම අනුමත නොකරන බවත් උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින් ප්‍රකාශ කර ඇත.
උතුරු පළාත් සභාවේ 84 වැනි සැසි වාරය අමතමින් හෙතෙම මේ බව පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් තමා දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට උපදෙස්‌ දී ඇති බවත් යම් තීන්දුවක්‌ ගැනීමට පෙර පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැන්විය යුතු බව මහ ඇමැතිවරයා තවදුරටත් ප්‍රකාශකර ඇත.
උතුරු පළාත් සභාව මේ වන විට යෝජනා 320 ක්‌ සම්මත කර ඇති අතර ඉන් සියයට 90 ක්‌ම රජයට එරෙහි යෝජනා වේ.
ආරක්‍ෂක හමුදාව සඳහා ඉඩම් පවරා ගැනීමට තමා වෙත පැමිණි අවස්‌ථාවේ ප්‍රතික්‍ෂේප කළ බවද විග්නේෂ්වරන් පවසා ඇත.
– දිවයින

Related posts

මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..

Shiran Viraj

විග්නේෂ්වරන් නිසා උතුර බෙදෙයි?

Shiran Viraj