mediahumanrights.lk
Local News News

අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේ, පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ…

අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේල පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ’ යයි පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
ඹහු මෙම අදහස් පළ කරන ලද්දේ මහා සංඝරත්නය ප්‍රමුඛ කොට මීතොටමුල්ල කසල ගැටළුව පිළීබදව කොළොන්නාවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය.
කොළඹ මහා නගර සභාව එකතු කරන කැලි කසල වසර ගණනාවක් තිස්සේ මීතොටමුල්ල ප්‍රදේශයට ගෙනල්ලා දාලා කොළොන්නාව ජනතාවගේ, ජන ජීවිතය අධ්‍යාපනය, සෞඛ්‍ය, ඇතුළු එදිනෙදා කටයුතු අඩපණ වෙලා විනාශ වෙලා තියෙනවා. මේ දැවෙන ප්‍රශ්නයෙන් වෙන කවුරුවත් නෙමෙයි පීඩා වින්දේ කොළොන්නාවේ අපි විතරයි. මේ පිඩාව තවදුරටත් අපිට විදින්න බෑ. ඝන කැලයක ඉන්න සතුන්ටත් වඩා අන්ත දුක්ඛිත ජීවිතයක් මේ ප්‍රදේශයේ ජනතාව ගෙවන්නේ.
විශේෂයෙන්ම ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට වසර එකහාමාරක් තිස්සේ කිව්වා මේ සදහා පිළිගත් විසදුමක් ලෙස ප්‍රතිචක්‍රීකරණය වැඩපිළිවෙලක් ප්‍රමාද නම් තවදුරටත් කොළොන්නාවට කුණු ගේන එක නතර කරන්න කියලා. ඒ අනුව ජනාධිපතිතුමා සමග පැවැති රැස්වීම් වලදී අවසන් තීරණය ලබා දුන්නා ඒකල ඔතේනාගම තියෙන ඉඩමට පිළිගත් සනීපාරක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් ජනතාවට පීඩාවක් නොවන ආකාරයට බැහැර කරන්න.  විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂක පනතට අනුව එය ආරක්ෂා වන අකාරයට මෙම කසල බැහැර කිරීමට බලපත්‍ර ලබා දීලා තියෙනවා. නමුත් තවම ඒ දේ ක්‍රියාත්මක වෙලා නෑ.
මං ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස පැහැදිවම කියනවා  කොළඹ මහා නගර සභාවට ලබන මාසෙන් පස්සේ කොළොන්නාවට කුණු ගේන්න දෙන්නේ නෑ. අපි ඉවසලා ඉවසලා රතු කට්ට් පැනලත් සෑහෙන දුර ගිහින් තියෙන්නේ තව අපිට ඉවසන්න බෑ. අනිවාර්යයෙන්ම දේශපාලනය පැත්තකින් තියලා ප්‍රදේශයේ මහා සංඝරත්නය සමග දැඩි තීන්දුවකට යනවා. උදේ දවල් රාත්‍රී පුරාම කුණු ගද, කොහොමද කොළොන්නාවේ ජනතාව නිදහසේ හුස්ම ගන්නේ. ඒ අයිතිය මෙච්චර කල් නැතිකරලා තිබුණා යහපාලනය කියන්නේ ඒ අයිතිය ලබා දෙන එකයි. ඒ නිසා අපේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ. අපි පාරට බැස්සොත් අනිත් අය පාරට බැස්සා වගේ නෙමෙයි කියලා කියන්න කැමතියි.

Related posts

‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…

Shiran Viraj

කොටස් වෙළදපොළ පහළට

Shiran Viraj

රටට නව නායකත්වයක් අවශ්‍යයයි

Shiran Viraj